“අපේ රට” වෙබ් අඩවිය ඊයේ හෙළි කල පරිද්දෙන්ම පොළොන්නරුව ඉසිපතනාරාම විහාරස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබෙන හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ රැස්වීම් නොපවත්වන ලෙස ඉල්ලා ප්රදේශවාසීහු සහ විහරස්ථාන දායක සභාව අද (09දා) උද්ඝෝෂණයක නිරත වුණා.
පොළොන්නරුව – මඩකලපුව ප්රධාන මාර්ගය අසල පිහිටි පාර්ලිමේන්තු මන්ත්රී රොෂාන් රණසිංහ මහතාගේ කාර්යාලය ඉදිරිපිටද මෙම රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙන බැවින් එය ඉදිරිපිටද මෙම විරෝධතාව පැවැත්වූ බවයි පොලොන්නරුව අප වාර්තාකරු සඳන් කළේ.
මෙයට අමතරව අද දහවල් ඉසිපතනාරාම විහාරස්ථානය අසල සහ පොළොන්නරුව නගරයේ නිවාසවල සහ වෙළෙඳසැල්වල කළු කොඩි ඔසවා, වෙළෙඳසැල් වසා දමා හිටපු ජනපතිගේ පැමිණීමට එරෙහිව පොළොන්නරුව නගරය පුරා විරෝධය පැවැත්වු බවත් එයට අතිවිශාල ජන සහභාගීත්වයක් දක්නට ලැබුණු බවත් අප පොලොන්නරුව වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
හිටපු ජනපති හට හිමිව තිබූ ජනප්රසාදය දිනෙන් දින පිරිහෙන බවයි මේ තත්වය පිළිබඳ අදහස් පළ කල විද්වතුන් පෙන්වා දුන්නේ.
දැන් ඇත්තේ හිටපු ජනපතිට එල්ල වී ඇති දුෂණ සහ වංචා චෝදනා වලට මුහුණ දී තම ප්රතිරූපය ගොඩ නංවා ගැනීම බයි අප හා අඩහස් පළ කල එම විද්වත් පිරිස සඳහන් කර සිටියේ.