• Thu. Feb 2nd, 2023

මෛත්‍රී නිසා රනිල් ‍බේරෙයි

BySandun

Jun 9, 2015

rw & ms

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේදී ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නොගතයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන මහතා‍ එම පක්ෂයට උපදෙස් දී ඇති බව වාර්තා වේ.

මෙම විශ්වාස භංග යෝජනාවට දෙනෙකුගේ අත්සන් ලබා දී තිබූ බව හෙළි වේ. එයින් විශාල පිරිසක් දිවුරුම් ප්‍රකාශ ලබාදෙමින් තම අත්සන් ඉවත් කරගත් බව මාධ්‍ය මගින් අනාවරණය විය.

මෙයට පෙර ජෝන් අමරතුංග ඇමතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කර තිබුණද එය මේ වනවිට ඉල්ලා අස්කරගෙන ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. මුදල් ඇමති රවී කරුණානායක මහතාට විරුද්ධවද ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනාවක් සම්බන්ධයෙන්ද පසුගිය දා කියැවිණි.

මේ අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂය ගෙන ඇති තීරණය වරදක් බව අස්ගිරි මහානායක අතිපුජ්‍ය ගලගම අත්තදස්සි නාහිමියෝ ඊයේ ප්‍රකාශ කළා.

 

උන්වහන්සේ සදහන් කලේ එය මෙම අවස්ථාවට අනුව නුසුදුසු තීරණයක් බවත්, රජයක් බලයට පත්වී සංවර්ධන කටයුතු ක‍්‍රියාත්මක කිරීමට කාලයක් ගතවන බැවින් එවන් කාලයක් ලබාදීමටත් කලින් විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීම රටේ සංවර්ධනයට බාධාවක් බව අස්ගිරි මහනායක හිමියන් සදහන් කලා.

මන්ත‍්‍රීවරුන් විමසා බැලීමකින් තොරව විශ්වාසභංගයට අත්සන් තැබීම ගැන තමාට කණගාටුවක් ඇති බවත් උන්වහන්සේ පැවසුවා.ඇතැම් මහජන නියෝජිතයන්ගේ කටයුතු වලින් ජනතාවගේ සාමය බිද වැටෙන බවද අස්ගිරි මහනායක හිමියන් අවධාරණය කර තිබෙනවා.

එහි වීඩියෝව පහතින්,

asgiri

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *