ළමුන් රැකියාවකට යා හැකි අවම වයස ලෙස දැනට පවතින අවුරුදු 14 සීමාව 16 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනී නීතිඥ නටාෂා බාලේන්ද්‍ර මහත්මිය අද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ පැවැති ළමා ශ්රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දින සැමරුමට එක්වෙමින් සඳහන් කර සිටියා.
ඇය කියා සිටියේ අඩු වයසින් ළමුන් රැකියා කිරීම නිසා අධ්‍යාපනයට බාධා ඇතිව තිබෙන බවයි.
පාසල් යා යුතු උපරිම වයසද මේ අනුව සංශෝධනය කරන බව ඇය කියා සිටියා.
එමෙන්ම පාසල් තුළ ළමුන්ට සිදුවන කායික හා මානසික දඬුවම් වැළැක්වීම සඳහා නීති සම්පාදනය කරන්නට නුදුරේදීම කටයුතු කරන බවද ඇය වැඩිදුරටත් අඳහන් කළාය.