• Mon. Jan 30th, 2023

ඩී වී උපුල්ටත් හැඳුනුම්පත් 2ක්.

BySandun

Jun 10, 2015

dv upul

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති වූ වහාම පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ පහළම නිලධාරියාගේ සිට ඉහළ නිලධාරීන් දක්වා සියලුම අය ගල් ගසා මරා දමන බවට ප්‍රකාශ කළ,ප්‍රකට රාජපක්ෂවාදීයකු වන දකුණු පළාත් ඇමති ඩී. වී. උපුල් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබෙනවා.

ඒ අනුව අද ඒ මහතාව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 15 වන දින දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇති බව වාර්තාවේ.
එසේම සැකකාර පළාත් සභා අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළ බව කියන අදාළ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටයේ මුල් පිටපත සොයාගැනීම සඳහා ‍මේ වන විටත් පරීක්ෂණ සිදු කරන බව රහස් පොලීසිය විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

තවද අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන අවස්ථාවේදී ඩී.වී. උපුල් මහතා විසින් ජාතික හැඳුනුම්පත් දෙකක් භාවිතා කර ඇති බවත්, ඒ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය අවධිමත් ආකාරයෙන් ලබාගත් එකක් බවත් අනාවරණය වී ඇති බව රහස් පොලීසිය විසින් අධිකරණය හමුවේ සඳහන් කර ඇතැයි වාර්තා වෙනවා.

කරුණු සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා විසින් පළාත් සභා අමාත්‍ය ඩී.වී. උපුල් මහතා එළඹෙන 15 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සම්බන්ධයෙන් තිස්සමහරාමයේ පැවැති රැස්වීමකදී ඔහු විසින් කරන ලදැයි කියන ප්‍රකාශයක් මත රහස් පොලීසිය විසින් පසුගිය 8 වන දින ප්‍රශ්න කිරීමෙන් පසුව අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබුණි.

එහිදී අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් නියෝග ලබදෙන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *