• Sat. Jan 28th, 2023

මහින්දගේ කැබිනට් පත‍්‍රිකාවකින් වසරකට රුපියල් මිලියන 2000ක පාඩුවක්

mr vs harsha

 

හම්බන්තොට වරාය ඉදිකිරීමට පවත්නා පොළියට වඩා ඉහළ පොළී අනුපාතිකයකින් විදේශ ණය ලබා ගැනීම නිසා වසරකට රුපියල් බිලියන 02 ක පාඩුවක් විඳීමට සිදුව ඇතැයි ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවේදී ඊයේ අනාවරණය වුණා.

 

2007 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 307 ක ණයක් ලබාගෙන ඇති අතර, ඊට වසර 15 ක් යනතුරු 6.3% ක පොළියක් ස්ථාවරව ගෙවිය යුතු යැයි හිටපු මුදල් අමාත්‍යවරයාද වූ හිටපු ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බවටද වාර්තාවේ. මේ නිසා අද දවසේ අදාළ පොළී අනුපාතිකය 0.4% ට පහත වැටී ඇතත්, 6.3% ක පොළියක් අඛණ්ඩව ගෙවීමට සිදුවීමෙන් අධික පාඩුවක් සිදුවී ඇති බවයි ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා  සඳහන් කර සිටියා.

 

එමෙන්ම පසුගිය පාලන සමයේ රාජ්‍ය බැංකු 3 කින් මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 96 474 ක ණයක් පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ලබාගෙන ඇති බවද ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළිවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *