• Fri. Feb 3rd, 2023

මානව හිමිකම් රකින්න ඇප් එකක්.

BySandun

Jun 10, 2015

Human App

සිවිල් යුද්ධකදී, ත්‍රස්තවාදී ගැටුමකදී හෝ වෙනත් ඕනෑම අවස්ථාවකදී සිදුවන යුද අපරාධ කඩවීමක් හෝ මානව හිමිකම් කඩවීමක් පිළිබඳව නිවැරදි තොරතුරු ලබාගැනීමට හැකිවන අයුරින් ස්මාට් දුරකතන යෙඳුමක් (Smart Phone App) නිර්මාණය කිරීමට එංගලන්තයේ ජාත්‍යන්තර නීතිඥ සංගමය කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පැවැති යුදමය කාලසීමාවේදී මෙවැනි වීඩියෝ දර්ශන, ඡායාරූප නිකුත් වුවත් ඒවායේ සත්‍යතාව පිළිබඳව ගැටලු මතුවූ අතර, එයද උදාහරණයට ගෙන මෙම යෙදුම නිර්මාණය කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ හරහා අදාළ සිදුවීම සිදුවූ දින වකවානු, එම ස්ථානයේ ජී.පී.එස්. දත්ත, ඡායාරූප හා වීඩියෝ දර්ශන සත්‍යද නැතහොත් නිර්මාණය කර තිබේද යනාදී සියලු දේ පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමට හැකිවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හරහා යොදාගන්නා සාක්ෂි ඇසින් දුටු සාක්ෂි ලෙස භාවිත කිරීමේ හැකියාවක් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *