යාපනය අර්ධද්වීපයේ පිහිටි සෝදිසි මුරපොළවල් 152න් කදවුරු 59ක් ඉවත්කර ඇතැයි යාපනය ප්‍රදේශය භාර ආඥාපති නන්ද උඩවත්ත පවසනවා.කෙසේ වෙතත් මේ විට පවතින සෝදිසි මුරපොළවල් 93 පමණක් පවත්වාගෙන යන අතර එය ආරක්ෂාවට ප්‍රමාණවත් බවයි යාපනය ප්‍රදේශය භාර ආඥාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
එමෙන්ම යාපනයේ හමුදාව රැඳි සිටි අක්කර 19,000කට වැඩි භූමි ප්‍රදේශයක් මේ වන විට සිවිල් ජනතාව සඳහා නිදහස් කර ඇතැයි ද යාපනය යුධ හමුදා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වමින් යාපනය ආඥාපති නන්ද උඩවත්ත වැඩිදුරටත් සඳහන් කර සිටියා.