හිටපු විදේශ ලේකම්වරියක වූ ෂෙනුකා සෙනෙවිරත්න ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය ලෙස කටයුතු කළ සමයේ නිල නිවස අලුත්වැඩියා කිරිමේදී අයථා ගනුදෙනුවක් සිදුවූ බව කියන සිද්ධිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පරීක්ෂණ අවසන් කල බව විදේශ අමත්‍යාංශ ප්‍රකාශිකා මහීෂිනි කොළොන්න පවසනවා.
පසුගිය ආණ්ඩු සමයේ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශ නිලධාරීන්ගේ එල්.ටී.ටී.ඊ. ගනුදෙනු ගැන හෙළිදරව් වී තිබූ අතර එයට එවක විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ව සිටී ක්ෂේණුකා සෙනෙවිරත්න එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග ගනුදෙනු පවත්වාගෙන ගිය තැනැත්තියක් බවත්, ජිනීවා හි පිහිටි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයට අයත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කොන්ත්‍රාත් සමාගමකට ලබාදී ඇති බවත් හෙළිවූ අතර,එය සත්‍යයක් බව ජිනීවා හි හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුණනායගම් මහත්මිය ද, සනාථ කර සිටියා.
ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශ නිලධාරීන්ගේ එල්.ටී.ටී.ඊ. ගනුදෙනු පිළිබඳ ජිනීවා හි හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුණනායගම් මහත්මිය සිදුකළ හෙළිදරව්ව මෙතනින්,
ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශ නිලධාරීන් එල්.ටී.ටී.ඊ. ගනුදෙනු පිළිබඳ දේශහිත්යෂී ජාතික ව්‍යාපාරය සිදුකළ හෙළිදරව්වමෙතනින්,
ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශ නිලධාරීන් එල්.ටී.ටී.ඊ. ගනුදෙනු පිළිබඳ සිදුකළ හෙළිදරව්ව සවිස්තරව මෙතනින්,
මේ අතර යහපාලන රජය මඟින් මේ වනවිට ඇයගේ නම තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති ලෙස යෝජනා වී,පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතියට යවා ඇති බව “අපේ රට” වෙබ් අඩවියට ඉතා විශ්වාසදායක ආරංචි මාර්ග වලින් තොරතුරක් අනාවරණය වී තිබෙනවා.
රටකට අතිශය වැදගත් වන විදේශ සහ රාජ්යත්රාන්තික කටයුතු හිටපු රජයේ පාලකයින් තම දේශපාලන හෙන්චයියන්ගේ ඕනෑ එපා කම් මත මෙහෙයවීම මත රට ජාත්‍යන්තරව ඉතා පහත් සහ අතිශය භයානක අඩියකට ඇද දැමූ අතර,ඒවා තලු අරමින්, රස කර කර පසුගිය ජනාධිපතිවරණ වේදීකාවල රැව් පිළි රැව් දුන්නා අපට මතකය.
යහපාලන රජයකින්වත් වැරදි කලවුන්ට දඬුවම් ලබා දෙනවා යැයි පොරොන්දුව මත ජනතාව පෙළ ගැස්සවීමට අප නොයෙක් බාධා මධ්‍යයේ වරප්‍රසාද,වරදාන වලට නැමෙන්නේ නැතිව ජීවිතය පරදුවට තබා දුෂිතයින්ව පරාජය කළේ නැවත තනතුරු ලබා දීමට නොව, ඔවුන් කළ වැරදි වලට නිසි දඬුවම් ලබා දීමට බව අප අවසන් වතාවට මතක් කිරීමට කැමතිය.
වහාම මෙම සිද්ධියට අදාළ වාර්තාව සහ එහි ඇත්ත නැත්ත එළිදරව් කරන ලෙස සහ අපෙන් විමසන ප්‍රශ්න වලට අප පිළිතුරු සැපයීමට බැඳී සිටින බැවින් නියාමාකාර පරීක්ෂණයක් තුළින් දුෂිතයින්ට දඬුවම් ලබා දෙන තුරු “අපේ රට ” වෙබ් අඩවිය විමසිල්ලෙන්.