හිටපු ජනපතිගේ ජීවිතය අනතුරේ ඇති බව කියමින් සුජාත දේශයක් සදහා වූ ජනතා මාධ්‍ය මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නිමල් වීරතුංග මහතා සහ සන්ධාන පළාත් සභා මන්ත්‍රී නීතිඥ සිසිර ජයකොඩි, නීතිඥ ප්‍රේමනාත් සි දොලවත්ත මහතා කොළඹ කොටුව පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
ඔවුන් විසින් සිදුකරනු ලැබූ විමර්ශනයකදී හිටපු ජනපති තුමන් ඝාතනය කිරීමේ පැහැදිලි කුමන්ත්‍රණයක් ඇති බව පවසන ඔවුන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලනය පමණක් නොව දිවිය අහිමි කිරීමට ද කුමන්ත්‍රණයක් සිදුවන බව ඔවුන් පවසනවා.
තව ද එල්ටිටිඊ බිහිසුණු ත්රස්තවාදීන් නිදහස් කිරීමට උත්සාහ දැරීම, රටේ නම ගිය අපරාධකාරයින් එරෙහිව නීතිමය පියවර ගැනීම ප්‍රමාද කිරීම, මිනීමැරුම් පිළිබද ව සාවද්‍ය චෝදනා වරින්වර එල්ල කිරීම, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අසාමාන්‍ය හැසිරීම්, ඇමරිකාව වැනි දීර්ඝ කාලින ඊලාම් හිතවාදී රටවල විමර්ශන නිලධාරින් මෙරට ගෙන්වා ගැනීම හා රැදී සිටීම මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව හිතා මතා නොසලකා හැරීම යන යනු පිළිබද අවධානය යොමු කරන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.