හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා කරවීමේ මීළග රැළිය හෙට මාතරදී පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් බවත්,එහිදී වත්මන් ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍යවරුන් තිදෙනෙකු සිය අමාත්‍ය ධුර වලින් ඉල්ලා අස් වී එම වේදීකාවට ගොඩ වීමට සූදානමින් සිටින බවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඊට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70 කට අධික සංඛ්‍යාවක් ද ඒ සඳහා සහභාගී වීමට නියමිත බවට උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
