වත්මන් ආණ්ඩුවේ දින සියයේ වැඩපිළිවෙළ පිළිබඳ සෑහිමකට පත්විය හැකි බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන් පවසා ඇති බවට වාර්තාවේ.
උන්වහන්සේ පවසා ඇත්තේ රටේ සුභසාධනය වෙනුවෙන් ආණ්ඩුව සිදුකරන ක්‍රියාවලියට විපක්ෂයද සහය දැක්විය යුතු බවයි.
මහනුවර උරුමය සුරැකීමේ පදනමේ සභාපති නිමල් ප්‍රේමවංශ මහතා අස්ගිරි මහනාහිමි බැහැදැකීමට පැමිණි අවස්ථාවේ අදහස් දක්වමින් අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමි මේ බව කියා පවසා ඇත.
මහනුවර දළදා මාළිඟාව ආශ්‍රිතව මත්පැන්හල්, සූදූ ක්‍රීඩා කරන ස්ථාන පවත්වාගෙන යාම හෝ මොටර් රථ ධාවන තරඟ පැවැත්වීම අනුමත නොකරන බවද අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමි එහිදී වැඩිදුරටත් පවසා ඇති බවට වාර්තාවේ.