හිටපු අගමැතිවරුන් වන දී.මූ. ජයරත්න සහ රත්නසිරි වික්‍රමනායන යන මහත්වරුන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේසකයන් ලෙස පත් කර තිබේ. මේ සඳහා පත්වීම් ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ සවස ලබාදී ඇත.
රත්නසිරි වික්‍රමනායක චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආණ්ඩුවේ අගමැති තනතුර දැරූ අතර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ජේෂ්ඨ ඇමති තනතුරක් දැරීය.
දී.මූ.ජයරත්න මහතා රාජපක්ෂ ආණ්ඩුවේ අගමැතිවරයාද විය.
දී.මූ හා රත්නසිරිට ජනපති උපදේශක තනතුරු
