පසුගිය දා සේරුවාවිල පුදබිමෙහි පැවැත්වුණු කුළ දරුවන් පැවිදි කිරීමේ උත්සවයක දී ලබාගත් අපූරු ඡායාරූපය කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.
ඉතා කුඩා වයසේ පසුවන දරුවන් බොහෝ පිරිසක් මෙහි දී සාමණේර ස්වාමීන්වහන්සේ වශයෙන් පැවිදි දිවියට ඇතුළත් වී තිබෙන අතර, ඉතා දුෂ්කර මාවතක උන්වහන්සේට ගමන් ගැනීමට සිදු වූ නිසා මහත් අපහසුතාවයකට පත් වීමට සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
මෙහි දී එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි ඡායාරූප ශිල්පියෙකු ඉදිරිපත් වී කුඩා සාමණේර හිමි නමක් ඔසවාගෙන යන ආකාරය මෙම ඡායාරූප වලින් දැක්වේ.