මහ මැතිවරණය වැඩි කාලයක් ගත නොකොට ළඟදීම පැවැත්වෙන බවත් මැතිවරණය පැවැත්වුණ ද රටේ සංවර්ධන කටයුතු නතර නොකළ යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (10) ප්‍රකාශ කළේය.
පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය. පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී මෙම රැස්වීම පැවැත්විණි.
ජනතා සේවයේදී කිසි විටෙකත් පක්ෂ පාට වැදගත් නොවන බව පැවසූ ජනාධිපතිවරයා රටේ සියලූ ජනතාවගේ යහපත වෙනුවෙන් කැපවී කටයුතු කිරීම මහජන නියෝජිතයින්ගේ වගකීමක් බව ද පෙන්වා දුන්නේය. ජනතා සේවයේදී කිසිවෙකුට බෙදී වෙන්විය නොහැකි බවත් දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ වැදගත්කමත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.
දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම ගොස් අඩුපාඩු සොයා බලමින් අවශ්‍ය උපදෙස් ලබා දෙන්නේ ජනතා ගැටලූවලට කඩිනමින් විසඳුම් ලබා දීමට බව පැවසූ ජනාධිපතිවරයා මෙම සාකච්ඡුාවලදී ගනු ලබන තීරණ එලෙසම ක්‍රියාත්මක කිරීම සියලූ දෙනාගේම වගකීමක් බව ද කියා සිටියේය.
උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසේන සූරිආරච්චි මහතා ඇතුළු මහජන නියෝජිතයෝ රැසක්ද, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් එස්. සේනානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැුසක් ද මෙම සාකච්ඡුාවට එක්ව සිටියහ.