අනතුරක් කර සඟවා තිබූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයෙකු පැදවූ ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී ජීප් රථයක් පොලීසිය භාරයට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, එහි හිමිකරු සොයා මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක බව ය.
තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේ සිදුවූ අනතුරින් නිවසක තාප්පයකට සහ පොදු දේපළ කිහිපයකට හානි සිදුවූ අතර අනතුරින් පසුව ජීප් රථය එම ස්ථානයෙන් රැගෙන ගොස් ඇතැයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය.
රථය පොලිස් භාරයට ගෙන ඇත්තේ, වීරකැටිය ප්‍රදේශයේ ඉඩමක තිබියදී ය.
ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් කොස්තාපල්වරයෙකුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.
එහිදී අදාළ පොලිස් කොස්තාපල්වරයා තමා එම රථය පදවාගෙන ගිය ද එහි හිමිකරු නොදන්නා බව පොලීසියට ප්‍රකාශ කර තිබේ.
(news1st)