ජාතික රූපවාහිනය පසුගිය කාලයේ ටෙලිනාට්‍ය විකාශනය සඳහා කප්පම් ලබා ගත් බවත් එයට ඇති දැඩි අකමැත්ත නිසා තමන් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයෙන් ඉවත්වී සිටී බවත් ජනප්‍රිය සිනමා නිලි පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලනී ෆොන්සේකා ප්‍රකාශ කර තිබේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරිය පවසන්නේ සංවිධානාත්මක කල්ලියක් මෙම කටයුත්ත ජාතික රූපවාහිනය තුළ සිදු කරමින් සිටී බවය. සමහර අධ්‍යක්ෂකවරුන්ගේ ටෙලිනාට්‍ය දවසින් දෙකින් රූපවාහිනියේ විකාශය කිරීමට කටයුතු කළ බවත් තමන්ගේ ඉල්ලීමට කන් නොදෙමින් ඉතා දුර්වල මට්ටමේ ටෙලිනාට්‍ය පවා පසුගිය කාලයේ විකාශනය කළ බවත් පවසා ඇත.
මෙම කටයුත්තට තදින් විරුද්ධ වීම නිසා තමන් රඟපෑ ටෙලිනාට්‍ය විකාශනය කිරීම ජාතික රූපවාහිනියේ බලධාරීන් භාර නොගත් බවත් එයට හේතුව තමාගෙන් මුදල් ලබා ගැනීමට නොහැකි වීම නිසා බවත් ප්‍රකාශ කරයි.
ටෙලිනාට්‍ය ජාතික රූපවාහිනියේ විකාශය කිරීමට නම් එහි ප්‍රධාන නිලියන්ගෙන් ලිංගික අල්ලස් ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවට රාජපක්ෂ පාලන සමයේ ජනමාධ්‍ය ඇමතිවරයාව සිටි කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව මාධ්‍ය හරහා චෝදනා එල්ල වූ අතර එසේ නොහැකි වූ අවස්ථාවල ටෙලිනාට්‍ය විකාශය කිරීමට කප්පම් මුදල් ඉල්ලා ඇති බවත් පසුගිය කාලයේ මාධ්‍ය අනාවරණය කළේය.
මන්ත්‍රීවරිය ප්‍රකාශ කරන ආකාරයට සංවිධානාත්මක කල්ලිය මෙහෙයවා ඇත්තේ කවුරුන් විසින් දැයි ඇයගේ ප්රකාශයෙන්ම තහවුරු වේ.
මාලනී ෆොන්සේකා මහත්මියද පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරියකව සිටියාය.