හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) මාතර පැවති ජන රැලිය අසලට පැමිණි බව වාර්තා වෙනවා.
හිටපු ජනපති පැමිණෙනවිට ඒ වන විට රැස්වී සිටි ජනතාව එක දිගට අත්පොලසන් දෙන්නට වූහ.
නමුත් මහින්ද රාජපක්ෂ මහතා වේදිකාවට නොපැමිණි අතර ජනතා ජයහඩ මැද්දේ ඔහු ආපසු ගොස් තිබේ.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මාතර රැස්වීමට සහභාගී වී පිටව ගිය බව රැස්වීමේ සිටින පිරිස් කියති.
මාතර තානායම දෙසින් කොටුපවුරට ගොඩ වූ මහින්ද රාජපක්ෂ මහතා සිය අත් ඔසවා රැලියට පැමිණි ආයට ආචාර කර යළි නික්ම ගියේය.
මහින්ද එද්දී වේදිකාවේ සිටින නිවේදක ද ඒ බව නිවේදනය කළේය.
මහින්ද මාතර යන්න කලින් අදත් මුට්ටිය දාලා.
අද උදෑසන මහින්ද රාජපක්ෂ පවුලේ ඥාතියකු, ජනාධිපති තුමා හමුවී ආයාචනයක් කර ඇති බවට වාර්ථාවේ.
තමන්ට, තම පවුලට හා හිටපු මැති ඇමතිවරුනට එරෙහිව සිදුවන සියළු පරීක්ෂණ කටයුතු නවතා දමන්නේ නම්, ඉදිරි මැතිවරණයේදී ජනාධිපති තුමාට තම පූර්ණ සහාය ලබා දෙන බවට මහින්ද පාර්ෂවය පවසා ඇතත්, එම ආයාචනයද ප්රතික්ෂේප වූ බවද වාර්ථා වේ.