පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් රහස් පොලිසිය අද (12) පැය හතර හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කල බව වාර්තා වෙනවා.
එහිදී නාමල්ගේ ආරක්ෂකයාගේ වතුර බෝතලයේ ප්රශ්නය ගැන සහ ඩී.වී.උපුල්ගේ ප්‍රකාශයක් ගැන සාක්ෂි සටහන් කරගත් බවටයි වාර්තා වුනේ.
අද උදෑසන 9 සිට පස්වරු 1.45 පමණ දක්වා ප්‍රශ්න කිරීම පවත්වා තිබෙනවා.
එහිදී පරීක්ෂණ සඳහා සිය සම්පූර්ණ සහයෝගය පොලිසියට ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ.
අගුණකොළපැලැස්සේදී ජනපති රැස්වීමකට නාමල්ගේ ආරක්ෂකයකු ගිනි අවියක් රැගෙන පැමිණීමේ සිද්ධිය ගැන සහ ඩී.වී.උපුල් පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ නිලධාරීන්ට ගල් ගසා මරන බව කීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කළ බව නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයා මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.
