• Thu. Feb 2nd, 2023

ms & rw 1

 

 

 

 

 

 

 

 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව අභ්‍යන්තරයේ ගැටුමක් නිර්මාණය කරමින් ආණ්ඩුව බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුව ඇතුළෙන්ම ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වෙයි. ආණ්ඩුවට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් සහ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය අතර මතභේදාත්මක ගැටුම් අවුළමින් ආණ්ඩුවට සම්බන්ධ සුළු දේශපාලන පක්ෂයක් ආරම්භ කළ මේ කුමන්ත්‍රණය මේ වන විට ආණ්ඩුව බිඳ වැට්ටවීමේ සැලසුමක් දක්වා වර්ධනය වී ඇත.

එකී සුළු දේශපාලන පක්ෂය නියෝජනය කරන එක්තරා කැබිනට් අමාත්‍යවරයකු මේ සැලැසුම මෙහෙය වන අතර එකී ඇමැතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කල් දැමීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යනාදී කරුණු මුල් කර ගනිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එජාපය අතර ගැටුම් නිර්මාණය කිරීමට උත්සාහ දරන බවද අනාවරණය වෙයි.

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩකරමින් කටයුතු කරන මෙකී ඇමැතිවරයා එජාපය ප්‍රමුඛ ආණ්ඩුව කැබිනට් මණ්ඩලයේදී ගන්නා තීන්දු තීරණ පිටට දෙන බවද නොරහසකි.

ඉකුත් ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් පසු නව ආණ්ඩුවක් පිහිටුවීමට මැදිහත් වූ උගතුන්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්, විචාරකයන් ඇතුළු බොහෝ පිරිසක් මෙකී කැබිනට් ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය හමුවේ ආණ්ඩුව බිඳ වැටීමේ අවදානමක් ඇති බවට අනතුරු අඟවති.

එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව ඇතුළත ගන්නා තීරණ ක්‍රියාවට නැංවීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ඉදිරි සතියේදී එජාපය වැදගත් තීන්දු රැසක් ගැනීමට නියමිත අතර එහිදී ආණ්ඩුව බිඳ වැට්ටවීමට අර අඳින මෙකී කැබිනට් ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳවද අවධානය යොමු කරනු ඇත.

(මව්බිම)

One thought on “ආණ්ඩුව ඇතුළේ කුමන්ත්‍රණයක්.!”
  1. අාණ්ඩුව බිද වැට්ටවීමේ ප්‍රවණතාවයක් අැතිබව ඉතාමත් පැහැදිලි කරුණකි.
    ජනපති සහ අගමැතිට මේ කරුණ නෙවැටහෙනවා යයි සිතීම ද මුලාවකි.
    අසීමිත ලෙස බොහෝ අපතයන්ට මැති අැමතිකම් සහ නොයෙකුත් තනතුරු දීම ද ඉතාමත් ජුගුප්සාජනකය.
    හොරකම් ප්‍රචාරණයත් ඒ පිළබද නීතිය ක්‍රියාත්මක වීමේ ලිහිල් බව සහ මන්දගාමී බව අැදහිය නොහැකිය. ඒ අනවශ්‍ය ප්‍රකෝපකාරී ප්‍රවෘත්ති හේතුවෙන් මාධ්‍යය තුලින් පීඩිතවූ ජනයා කුපිතවී මඩ ප්‍රහාරයන් කරගන්නවා හැර වෙනත් අැතිවන කිසිදු සුගතියක් නැත.
    කළියුගයේ අාණ්ඩු පාළනය දසරාජධර්මයෙන් ම කලනොහැකි බව කවුරු කවුරුත් පසක්කර ගතයුතුව අැත.
    හැටතුන් ලක්ෂයකගේ බලාපොරොත්තු සහ ලක්වැසි සියලු ජනයාගේ අභිවෘද්ධිය සාක්ෂාත් කරදීම පාළකයන්ගේ ඒකායන වගකීම වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *