• Thu. Feb 2nd, 2023

ඩයස්පෝරා එක්ක සාකච්ඡා රටේ යහපතටයි – මංගල , ඒකීය රටක ඩයස්‌පෝරා සමුළු නීතිවිරෝධී – පාඨලී

patali & mangala

 

 

 

 

 

 

 

 

රටින් බැහැරව වෙසෙන දෙමළ ජාතිකයන්ගේ සංවිධානයක් සමඟ පසුගියදා ලන්ඩන් නගරයේ දී සිදු කළ සාකච්ඡා සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන විදේශ ඇමති මංගල සමරවීර පවසන්නේ ජගත් දෙමළ බල මුළුව සමඟ තමා පවත්වන ලද සාකච්ඡා රට යළිත් ප්‍රචණ්ඩ තත්වයකට ඇද වැටීමෙන් වැළකීමට හේතුවන බවයි.
ත්‍රස්ත විරෝධී නීති යටතේ අත්අඩංගුවේ තබා ඇති දෙමළ සැකකරුවන් පිළිබඳවත් ලන්ඩන් සාකච්ඡා වලට ඇතුළත් වූ බවයි මංගල සමරවීර ඇමතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර දෙමළ ඩයස්‌පෝරා සංවිධාන මෙරටට ගෙන්වා සමුළුවක්‌ පැවැත්වීමට විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජාතික හෙළ උරුමයේ මහ ලේකම් හා විදුලිබල බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රකාශ කළේ, ඒකීය රටක දෙමළ ඩයස්‌පෝරාව සහභාගි වන ජාත්‍යන්තර සමුළුවක්‌ පවත්වන්නේ නම් එය නීතිවිරෝධී කටයුත්තක්‌ බවයි.

ආරක්‍ෂක අමාත්‍යාංශය රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු ආයතන රැසක්‌ තහනම් කරමින් පසුගිය කාලයේ ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කළ බවද, එසේ තහනම් කළ සංවිධාන සමග සාකච්ඡුා කිරීමෙන් සිදුවන්නේ රට තුළ යළි ත‍්‍රස්‌තවාදයට උඩගෙඩි දීමක්‌ බවද ඇමැතිවරයා කීවේය.

මැතිවරණය ඉලක්‌ක කරගෙන ඇතැම් පාර්ශ්ව දෙමළ ඡන්ද ලබා ගැනීමේ අරමුණින් මෙවැනි පිළිවෙත් අනුගමනය කරන බවද, එසේ කිරීමෙන් සිදුවන්නේ රට ත‍්‍රස්‌තවාදයකට හා අන්තවාදයකට දෙසට තල්ලූ‍ වීමක්‌ බවද පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේය.

තහනම් කළ සංවිධාන සමග සාකච්ඡුා කිරීමට හෝ සමුළු පැවැත්වීමට රාජ්‍ය මට්‌ටමින් කතිකාවතක්‌ ඇති වී නැති බව කී ඇමැතිවරයා එසේ කිරීමට ජනවාරි අට වැනිදා ජනතාව ජනවරමක්‌ ලබාදී නැතැයි ද පැවසීය.

විදේශ අමාත්‍යාංශය රටේ නීතියට අනුකූලව කටයුතු කළ යුතු බවද, තහනම් කළ හෝ නොකළ රාජ්‍ය නොවන සංවිධාන මෙරටට පැමිණෙන්නේ නම් ශ‍්‍රී ලංකාව ඒකීය රටක්‌ වශයෙන් පිළිගෙන පැමිණිය යුතු බවද පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වීම තහනම් කරනු ලැබ ඇති ජගත් දෙමළ බල මුළුව සමඟ විදේශ ඇමතිවරයා සාකච්ඡා කිරීම විපක්ෂයේ දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා.
විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන් පමණක් නොව ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ විසින් ද එම සාකච්ඡා දෝෂ දර්ශනයට ලක් කරනු ලැබුවා.

One thought on “ඩයස්පෝරා එක්ක සාකච්ඡා රටේ යහපතටයි – මංගල , ඒකීය රටක ඩයස්‌පෝරා සමුළු නීතිවිරෝධී – පාඨලී”
  1. The definition of “DIASPORA” means that those who have disperse from their motherland?
    We have never been dispersed anybody from Sri Lanka.
    Those who have left the country been on their own goodwill for different reasons.
    Certainly we do understand that during the period of LTTE RUTHLESS KILLING MACHINE; most of the Tamils whoever able to leave the country took advantage and left while tarnishing their motherland name.
    Once they reached the Foreign Soil there were many NGOs, FOREIGN MEDIA and even with the support of respective Governments to arrange all the necessary documents with false evidence (inflicted by themselves) of tortured by the Military was to convince that the aliens as political asylum seekers that was worked beautifully.
    It was obvious that whoever the MOST SUFFERED in the SOUTH as the Majority of Non Tamils have nowhere to go and no evidence to show unless face the day to day life with FREQUENT HUMAN BOMBS OR TRUCKLOADS OF BOMBS in the country. (I am one of the fortunate survivors of 1987 Pettah Bomb blast).
    Even after settling themselves on foreign soils they have betrayed their motherland again and again while providing financial supports and propagandizing LTTE RUTHLESS KILLERS as the saviors of the Tamil race in Sri Lanka.
    It is obvious that at present those so called Diaspora individuals seeking returning back and actively participate for something which is not clear so far to the rest of the Sri Lankans.
    There’s no second thought and AS BROTHERLY SRI LANKANS they are very well welcome to their motherland with CLEAN HEARTS AND CLEAN HANDS.
    BUT WHOEVER HAVING DUAL CITIZENSHIP’S and with no morale obligations to their SECONDED COUNTRY must prove that they are genuinely willing to participate for the country’s developments without any HIDDEN AGENDAS.
    WE AS ALL SRI LANKANS (SINHALESE, TAMILS, MUSLIMS, MALAYS AND BURGHERS ETC;) WOULD LIKE TO SEE OUR MOTHERLAND AS NONALIGNED & UNDIVIDED COUNTRY FOREVER.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *