නව මැතිවරණ ක්‍රමයට අදාළ 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සුළු පක්ෂ මතු කර ඇති සියලු ගැටලුවලට අවසාන විසඳුම් ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කාරක සභා අවස්ථාවේදී ලබාදෙනු ඇති බව වාර්තා වෙනවා.
නව ඡන්ද ක්‍රමය සම්මත කිරීම සඳහා පසුගිය සිකුරාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදිත් ‘ද්විත්ව ඡන්ද පත්‍රිකා’ ක්‍රමය සම්බන්ධයෙන් වන යෝජනාව යළි ගෙන ඒමට සුළු ජාතික පක්ෂ නියෝජිතයින් කිහිප දෙනකු උත්සාහ කළ අතර කැබිනට් මණ්ඩල සාමාජිකයන් බහුතරයක් එයට එකඟ නොවූ බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
කෙසේ වුවත් එහිදී ඔවුන් ප්‍රකාශ කොට ඇත්තේ කාරක සභා අවස්ථාවේදී සුළු ජාතික පක්ෂවලට ඇති ප්‍රශ්නවලට අවසන් විසඳුම් ලබා දිය හැකි බවයි.
සිකුරාදා කැබිනට් මණ්ඩල රැස්වීමේදී එළඹුණ අවසන් එකඟතාවට අනුව මීළඟ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 237න් මන්ත්‍රීවරු 145ක් කොට්ඨාශ ක්‍රමයෙන් හෙවත් කේවල ක්‍රමයෙන් ද, 55ක් සමානුපාත ක්‍රමයෙන් ද, 37ක් ජාතික ලැයිස්තුවෙන් ද තෝරා ගැනීම සිදු කෙරෙනු ඇත. මෙහිදී ප්‍රතිශතයද සලකා බලා සමානුපාතික මන්ත්‍රීවරු තෝරා ගැනීම සිදු කෙරෙනු ඇති බවටයි වාර්තා වන්නේ.
නව මැතිවරණ ක්‍රමය සඳහා වූ 20වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ විශේෂ ගැසට් නිවේදනය සිකුරාදා රාත්‍රියේදි සිදු කිරීමට නියමිතව තිබිණි. මෙය සකස් කිරීමේදී යම්කිසි ප්‍රමාදයක් ඇති වුවහොත් සඳුදා වන විට එය ප්‍රකාශයට පත් කිරීමට ද පියවර ගෙන තිබේ.
නව මැතිවරණ සංශෝධන නීති කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළ තැන් පටන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීම් වන්නේ නම් ඒ සඳහා සතියක කාලයක් ලැබේ.
මෙම පෙත්සම් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය සති තුනක කාලයක් ඇතුළත පාර්ලිමේන්තුව වෙත දැනුම් දිය යුතුවේ.
ඒ අනුව මේ කෙටුම්පත තුනෙන් දෙකේ වැඩි ඡන්දයන් අනුමත කර ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ. මෙයට සියලු පක්ෂවල සහාය හිමි වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
මැතිවරණ සංශෝධන කෙටුම්පත තුනෙන් දෙකේ බලය ලැබීමෙන් පසු නීතියක් බවට පත්වනු ඇත. එසේම මෙය වත්මන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන්අනුමත වූ අවසන් ව්‍යවස්ථා සංශෝධනය වීමට නියමිතය.
මීට අමතරව දින සියයේ වැඩපිළිවෙළ යටතේ තොරතුරු දැන ගැනීමේ පනත හා ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කැර ගනු ඇතැයි විශ්වාස කැරේ.
(සිළුමිණ )