• Tue. Feb 7th, 2023

බැසිල් නිදහස් වෙන්න කෝටි 10ක් දීමට ගිය බව හෙළිවේ.

BySandun

Jun 14, 2015

bacil 10k

බැසිල් රාජපක්ෂ අත්අඩංගුවෙන් නිදහස් විම සදහා උසස් පොලිස් නිලධාරියෙකු හට රුපියල්  කෝටි 10ක් දි ඇති බව වන තොරතුරක් පිළිබද පසුගිය දිනෙක අප වාර්තා කර සිටියෙමු.

ඒ බව සනාථ කරමින් ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංග පවසා සිටියේ එක්තරා දේශපාලනඥයෙකු තමා නිදහස් කරන ලෙස ඉල්ලා  කෝටි 10ක මුදලක් පොලිස් නිලධාරිවරයෙකු හට ලබාදුන් බවයි.

ඒ කවුරුන්ද යන්න ඇය හෙළි නොකළ අතර අපට ලැබුනු තොරතුරු මත ඔහු අන් කවරෙකු හෝ නොව බැසිල් රාජපක්ෂ බව සදහන් කර සිටිමු. මෙවැනි මුදලක් ලබාදීමට තරම් ශක්තියක් ඔහුට ඇත්තේ ඔහු පසුගිය ආණ්ඩුවෙහි සියලු ආර්ථික මූලයන් තමා සතු කරගෙන ඒවායින් කෝටි ප්‍ර කෝටි ගණනින් වංචා කළ බැවිනි.

මෙසේ විවිධ ව්‍යාපෘති සදහා මුදල් ලබාගත් ආකාරය ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය විසින් පැහැදිලි කර සිටියාය. ඒ අනුව රුපියල් මිලියන 280ක මුදලක් වැය කොට නොරොච්චෝලේ තාප බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තම රජය පියවර ගෙන තිබියදී එය අහෝසි කොට රුපියල් මිලියන 510ක් තරම් අති විශාල මුදලක් වැය කොට රාජපක්ෂ රෙජීමය ගල්අඟුරු බලාගාරය ක්‍රියාවට නැංවූ බවත් ඉන් රුපියල් බිලියන 15ක කොමිස් ගසා කෑමක් සිදු වී ඇති බවත් සදහන් කර සිටියාය.

හිටපු ජනාධිපතිනිය මෙසේද කීවාය.

‘මහින්ද රාජපක්ෂ රෙජීමය සංවර්ධන ව්‍යාපෘතිවලින් 50%කටත් වඩා කොමිස් ගසා ගත්තා. ඒ වාගේම අපි මිලියන 280න් කරන්න සැලසුම් කළ වැඩේ මිලියන 510ක් තරම් ඉහළ නොවටිනා මිලක් ගෙවා කර තිබෙනවා. අපි ගිවිසුම් අස්සන් කළේ ඉතා කීර්තිමත්, පළපුරුදු, වෘත්තීයවේදී ආයෝජන සමාගම් සමඟයි. මේ අය ආයෝජන ගිවිසුම් ගසා කටයුතු කළේ පළපුරුද්ද අඩු වෘත්තීය බව අඩු ආයෝජන සමාගම් සමඟයි. මේ කොමිස් මුදල් අවසානයේ ගෙවන්න සිදු වෙන්නේ රටේ අහිංසක ජනතාවටයි. රටේ ණය බර වැඩි වුණා. අපි විදේශ ණය ලබා ගත්තේ 02%ටත් වඩා අඩු පොලියටයි. මේ අය විදේශ ණය ලබාගෙන තිබෙන්නේ 09% පොලියටයි.‘බවද ඇය සදහන් කර සිටියාය.

 

(the independent)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *