මේ වසරේ ගත වූ මාස 6 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 15,123 ක් දිවයින පුරා වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 47.05 ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙන් බවත් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ 4 වන සතිය තුළදී බව වසංගත රෝග ඒකකය සඳහන් කරනවා.
මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීමේ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කරන බව ද උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙන්නේ.