දූෂණ චෝදනා රැසක් එල්ලවී ඇති හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මේ දිනවල පාරට බැස ඇති බවට වාර්තා වෙනවා.
බලයේ සිටි කාලයෙහි ආරක්ෂක රැකවලුන් පිරිවරා වාහන හත අටකින් ගමන් ගත් අතර එහිදීද නාවලපිටියේ නගරය මැදින් ගමන් ගත්තද පාරක තොටක සිටින කිසිවෙකු ගණන් නොගෙන උඩින් ගියේය.
එහෙත් මේ දිනවල ඔහු මහින්ද රාජපක්ෂ අනුගමනය කරමින් විහාරස්ථානයන්හි කුදු මහත් වැඩ කරයි.
පසුගියදා නාවලපිටිය විහාරස්ථානයක වෛත්‍යයක් ගොඩනැගීම සදහා වන ශ්‍රමදානයකදී ඔහු සිමෙන්ති අනා දුන්නේය.
එළඹෙන මහ මැතිවරණය ඉලක්කකොට සැලසුම්කොට ඇති මේ වැඩපිළිවෙලේ නව තම අංගය වන්නේ නීතිය බල්ලට දමා හිසට කිසිදු හෙල්මටයක් හෝ නොමැතිව ට්‍රේල් යතුරු පැදියකින් පාර තොටේ ඇවිදීමයි.
ඒ අනුව ඔහු සිය ගම් ප්‍රදේශය වන නාවලපිටිය, ගඟඉහළ කෝරළේ සංචාරය කරමින් ජනතාව හමුවී සුවදුක් විමසීම සිදුකළේය.