මෙතෙක් ලොව බිහිනොවූ ආකාරයේ සුපිරි පහසුකම් සහිතව ලොව විශාලතම හෝටලය මේ වනවිට ‘සෞදි අරාබියේ මෙකාහිී’ දී ඉදිවෙමින් පවතී.
මෙය 2017 වසරේදී විවෘත වීමට නියමිත අටහර, මෙහි මහල් 45කින් යුත් මෙම හෝටලය කාමර 10,000ක් සහ අවන්හල් 70කින් යුක්ත බවත් සඳහන්.
මහල් 10ක් උසැති වේදිකාවක් සහිත මෙම හෝටලය ගොඩනගා ඇත්තේ ගොඩනැගිලි කුළුණු 5කින් වටවූ මධ්‍ය ගොඩනැගිල්ලක් සහිතවයි.
සෞදියේ රාජකීයයන් වෙනුවෙන් මෙහි මහල් 5ක වෙන් කර ඇති අතර, පහත මහල්වල බස් නැවතුම්පොළක්, සුපිරි වෙළද සංකීර්ණ සහ සියලු අතිනවීන පහසුකම්වලින් යුක්ත බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
මෙය ඉදිකිරීම සදහා වැය වී ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5කි.
ලොව විශාලතම හා සුපිරිම හෝටලය.
