• Thu. Feb 2nd, 2023

malwathu 20

විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් අනතුරුවඉක්මනින් මහ මැතිවරණය පැවැත්විය යුතු බව මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් පවසයි.
මෙම අවස්ථාවේ කළ යුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසභංග ගෙන ඒම නොව, විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කැරගෙන වහාම පාර්ලිමේන්තුව විසුරුවා භැර මැතිවරණයකට යෑම බව මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ.

සියලුදෙනා එකතුවී රටට ජනතාවට යහපත් දෙයක් කළ යුතුව තිබෙන අවස්ථාවක විශ්වාසභංග ගෙන ඒම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කඩාකප්පල්කිරීම නුසුදුසු බවද උන්වහන්සේ කීහ.

වැවිලි කර්මාන්ත අමාත්‍ය පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (14) පෙරවරුවේ මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවසූහ.

රටේ ජනතාවට යහපත් දෙයක් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් ශක්තිය හා ධෛර්ය ඇතැයිද මහනාහිමියෝ කීහ.රටේ ජනතාවගේ මූලික අපේක්ෂාව මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම බවත් එයට මූලිකත්වය දීම මහජන නියෝජිතයින්ගේ වගකීම බවත් පැවසූ මහනාහිමියෝ අනතුරුව මෙම පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යෑම වඩා සුදුසු බව ද කීහ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට යමෙකුට හෝ කණ්ඩායමකට අවශ්‍යය නම් එය මෙම 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කැර ගැනීමට ආසන්න මොහොතේ ඉදිරිපත් නොකර ඉන් පසුව ඉදිරිපත් කරන එකයි ඇත්තේ යැයිද මහනාහිමියෝ පැවසූහ.

සියලු දෙනාට එකඟවිය හැකි රටට ජනතාවට වැඩදායී හොඳ මැතිවරණ ක්‍රමයක් ඉදිරිපත් කිරීමට ඔබ සැම ක්‍රියාකළ යුතු බවත් එහිදී සියලු කණ්ඩායම් සතුටු කෙරෙන තීරණ ගැනීමට නොහැකි වනු ඇති බවත් මහනාහිමියෝ අවධාරණය කළහ.

malwathu himi & lakshman

Leave a Reply

Your email address will not be published. Required fields are marked *