• Thu. Feb 2nd, 2023

හත්පොලේ ගාගත් රථගාය ගැන මාධ්‍ය නිවේදන දමා මහින්ද තවත් නා ගනී.

BySandun

Jun 16, 2015

mr ni

 

පසුගිය 9 වෙනිදා තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේදී අනතුරට පත්වූ සුඛෝපභෝගී ප්‍රාඩෝ රථය ජනාධිපති ලේකම්කාර්යාලයට අයත් නැති බව පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අනතුරට පත්වීමත් සමග හෙළිදරව් වී ඇත්තේ රාජපක්ෂ සන්තකයේ තබා ගෙන සිටින ලියාපදිංචි නොකළ වාහන තිබූ බවය. ඒ පිළිබඳ තොරතුරු මේ වනවිට හෙළිදරව් වෙමින් පවතී.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන පමණක් නොව වෙනත් ජාත්‍යන්තර සංවිධානය වලින් ලැබුණු වාහනද බලහත්කාරය යොදා ගනිමින් රාජපක්ෂ පවුලේ උදවිය පරිහරණය කළ බව මෙම අනතුරත් සමග හෙළිවේ. මෙම තොරතුරු හෙළි වීමෙන් කලබලයට පත්වී ඇති හිටපු ජනාධිපතිවරයා නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනය අනුව අනතුරට පත් අධි සුඛෝපභෝගී ජීප් රථය ලෝක ආහාර සංවිධානයෙන් සුනාමි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පරිත්‍යාග කරන ලද්දක් බව පිළිගෙන ඇත. එය පාවිච්චි කිරීමෙන් අනතුරුව ශිරන්ති රාජපක්ෂගේ රාජ්‍ය නොවන සංවිධානයක් වන සිරිලිය වෙත ලබා දුන් බව පිළිගෙන තිබේ.

සුනාමි හදිසි සහන කටයුතු සඳහා ලියාපදිංචි නොකළ තත්වයෙන්ම එය ප්‍රයෝජනයට ගත් බවත් එවැනි වාහන දෙකක් ලැබී ඇති බවත් නිවේදනයේ සඳහන්ය. එහෙත් එම නිවේදනයේම සඳහන් වන්නේ සිරිලිය සංවිධානයෙන්ද ලියාපදිංචි නොකළ තත්වයෙන් වසර 10 ක්ම පරිහරණය කර තිබේ. අනතුරත් සමග හෙළිවෙමින් පවතින තොරතුරු වසන් කිරීම සඳහා සී.ආර්. 109 හා සී.ආර් 114 අංක දරණ ප්‍රාඩෝ රථ වසර තුනක් පමණ වීරකැටිය ප්‍රදේශයේ නවතා තිබූ බව නිවේදනයේ සඳහන් කර තිබේ. එහෙත් මෙම රථ ඉතා හොදින් නඩත්තු කළ ඒවා මිස ගාල්කර තිබූ බවට කිසිදු සලකුණක් නොමැත.

මහින්ද රාජපක්ෂ නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයෙන් තොරතුරු වසන් කිරීමට ගොස් තවත් බොහෝ කරුණු අනාවරණය වී ඇති බව මෙයින් පැහැදිලි වේ.

mahinda-press-releas

Leave a Reply

Your email address will not be published. Required fields are marked *