මන්ත්‍රීවරුන් දෙදෙනෙකු දෙවරක් අත්සන් තැබීම නිසාත් දෙතැනක අංක පැනීමක් සිදු වී ඇති නිසාත් විශ්වාස භංගයට ලැබී ඇත්තේ අත්සන් 108ක් පමණක් බව මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා පිළිගෙන තිබෙනවා.
පසුගිය දා කථානායකවරයාට භාර දුන් විශ්වාස භංග යෝජනාවට මන්ත්‍රීවරුන් 112 ක් අත්සන් තැබූ බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර පැවසූ නමුත්, එයට අත්සන් තබා ඇත්තේ මන්ත්‍රීවරුන් 105 ක් පමණක් බවයි බොහෝ මාධ්‍ය වාර්තා කොට තිබුණේ.
මේ අතර එය තව දුරටත් තවුරු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර ඊයේ පවසා තිබුනේ මෙවන් දෙයක්,
“මන්ත්‍රීවරු දෙදෙනෙක් නොදැනුවත් කමින් දෙපාරක් තැන් දෙකක අත්සන් කර තිබුනා. ඒ වගේම තැන් දෙකක අංක පැනීමක් තිබුනා. ඒ නිසා නිශ්චිතවම අත්සන් 108යි මේ විශ්වාස භංගයේ තියෙන්නේ.එසේම දැඩි බලපෑම් එල්ල වීම නිසා මෙම ලේඛනයට අත්සන් ලබා ගැනීම ඉතා රහසිගතව සිදු කෙරුණු හෙයින් මෙම පටලැවිල්ල සිදු වී ඇති බවයි ඔහු පවසන්නේ.
එයට අත්සන් තැබීමෙන් අනතුරුව ඇමති පදවි ලබා ගත් ඇතැම් මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ වරප්‍රසාද ලබා ගැනීම සඳහා මෙම විශ්වාස භංගය ‘පෙත්සමක්’ ලෙස හුවා දක්වන බවද මන්ත්‍රීවරයා පවසන්නේ.කෙසේ වෙතත් මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී එය සම්මටහ කිරීම සඳහා ඊට අත එසවීමට මන්ත්‍රීවරුන් 120ක් පමණ සුදානමින් සිටින බවටයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
අනේ මනූශ පොන්නයෝ… පුලුවන් වැඩක් කරපන්… කාලයක් මොළ හෝදන්න ගියා.. ඊකත් කිච උනා.. මහින්ද දැන් මැරුනු මිනිහෙක්. ඌට ආයේ පණ ගන්න බෑ.. පාඩුවේ ගෙදරට වෙලා අඩුගානේ රොශානාව වත් පරිස්සම් කරගෙන ඉඳහන් දැන්වත්… නැත්නම් ඒකිත් වටෙ යයි….