නව පරිවේණාචාර්යවරුන් වෙත අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම අමාත්‍යාංශයේදී ඊයේ (15) පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවේදී
පරිවේණාචාර්ය භික්ෂුන් වහන්සේලාට නමස්කාර කරමින් පත්වීම් ලිපි ප්රදානය කරන අතරතුර අතපසුවීමකින් අධ්‍යාපන අමාත්‍යවරයා ගිහි පරිවේණාචාර්යවරයකුට ද නමස්කාර කළ අයුරු පෙන්වන ඡායාරූපයක් උපුටා ගෙන සමාජ මාධ්‍ය තුළ, අධ්‍යාපන ඇමතිවරයාව ඉතා පහත් අන්දමින් විවේචනය කරන අයුරු දැන් දැන් වඩාත් පැහැදිලිව දැකිය හැකි කරුණක්.
අප දන්නා ආකාරයට පහුගිය ආණ්ඩු සමයෙහි තම දරුවාට දඬුවම් කළා යැයි ගුරුවරියක්ව දණ ගැස්වූ සන්ධාන පළාත් මන්ත්‍රී ආනන්ද සරත් කුමාර ගැන අපට හොඳින් මතකය. එම සිද්ධිය ගැන නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී එල්ල වූ දේශපාලන අතපෙවීම් ගැනත් අපි කතා කළෙමු.
එම නිසා අතපසුවීමකින් හෝ ගුරුවරයෙක්ට වැඳීම ගැන අධ්‍යාපන ඇමතිවරයා ක්‍රියා කිරීම ගැන අප ආඩම්බර වෙමු.
මන්දයත්,පිදිය යුත්තන්ට පිදීම ගැන ශ්‍රී ලාංකීය ජාතියට අමුතු දෙයක් නොවන බැවිනි.