ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රජය මාසිකව ලබා දෙන රුපියල් 2000ක දීමනාව ඊයේ (15) දිනයේ සිට නැවත දැනුම්දෙන තුරු නතර කර ඇති බව වාර්තා වේ. මේ බව තහවුරු වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාලවලින් එම මුදල් ලබා ගැනීමට පැමිණි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නැවත හැරී යාමට සිදු වීමත් සමගය.
වයස 70 ට වැඩි අයට මෙම දීමනාව ලබා දෙන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 ක 28,000ක් මේ සඳහා සුදුසුකම් ලබා තිබේ. එම පිරිස් වෙත ඊයේ දිනයේදී මුදල් ලබා දිය යුතු වුවත් ඒ සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂ 560ක මුදල මහා භාණ්ඩාගාරයෙන් නොලැබුණු බව ගම්පහ දිස්ත්‍රීක් ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.
පසුගියදා හිටපු ජනාධිපතිවරිය ප්‍රකාශ කර තිබුණේ මේ වනවිට ආණ්ඩුව දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බවත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවා ගැනීමට නොහැකි තත්වයක් දක්වා එය වර්ධනය වී ඇති බවත්ය.