පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනතාවට දුන් පොරොන්දු ඉටු කරලීම සඳහා ඔහුට සහයදෙන්නයි බලකරමින් ‘මෛත්‍රීට ඉඩදෙන්න’ නමින් නව සංවිධානයක් ස්ථාපිත කිරීමට යයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනතාවට දුන් පොරොන්දු වලට අනුව, 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම, ස්වාධින කොමිෂන් සභා ස්ථාපිත කිරීම ආදී මුලික කරුණු යථාර්තයක් බවට පත්කර දැනීම සඳහා පුළුල් ප්රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරමින්, මහජන බලවේග ඒකරාශී කිරීමට ‘මෛත්‍රීට ඉඩදෙන්න’ සංවිධානය පිහිටුවන බව එහි ප්‍රධානියකු වන නීතිඥ රවී ජයවර්ධන මහතා පැවසිය.
මෛත්‍රීපාල සිරිසේන මහතා දුන් පොරොන්දු ඉටු කරලීමට දරන උත්සාහයේදී ඊට බාධා කරන දේශපාලන පක්ෂ හා කල්ලි කණ්ඩායම් හෙළිදරව් කිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.
රවී ජයවර්ධන මහතා පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ’ මාධ්‍ය ප්‍රකාශක වන අතර ම ශ්‍රී ලංකා ජාතික රුපවාහිනියේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.
ජනාධිපති සම්බන්ධීකරන ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතාද ‘මෛත්‍රීට ඉඩදෙන්න’ සංවිධානයේ ප්‍රධානියෙකු බව වාර්තාවේ.