• Sun. Jan 29th, 2023

ගෝඨාට දේශපාලනය ගැලපෙන්නේ නෑ – අස්ගිරි මහනායක හිමි.

BySandun

Jun 18, 2015

asgiri himi & gota

“ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනය නොගැලපෙන බැවින් දේශපාලනයට එක් නොවන්නේ නම් වඩාත් යහපත්” යැයි තමන් වහන්සේගේ අදහස බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන් බැහැදැකීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඊයේ(17)අස්ගිරි මහා විහාරයට ගිය අවස්ථාවේදී උන්වහන්සේ ප්‍රකාශ කර ඇථැ වාර්ථා වෙනවා.

පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ පැවැත්වීමට නියමිත ජය පිරිත් දේශනය සඳහා අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන් හට ආරාධනා කිරීම සඳහා ගිය අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

ඉන් අනතුරුව පිටතට පැමිණි හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කලේ තමන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන බවට මාධ්‍ය වාර්තා කර තිබු කතාව අසත්‍යක් බවය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *