• Fri. Feb 3rd, 2023

බලය නැතිව පිස්සු වැටුණු මහින්දගේ අලුත්ම මෙහෙයුම – සාක්ෂි සමගින් මෙන්න

mr post

“බලය මිනිසාව දූෂණය කරයි.අධික බලය මිනිසාව අධික ලෙස දූෂණය කරයි..”යන කියමනේ සත්‍ය මනාව පසක් කරමින්, පසුගිය ජනපතිවරණයෙන් බහුතර ජනතාවකගේ ප්‍රතික්ෂේපයට බඳුන් වූ මහින්ද රාජපක්ෂ නමැති චරිතය තම බල තණ්හාව පතුලටම සිඳී ඇති බැවින්, යලිදු හිස ඉසවීමේ අසාර්ථක උත්සහය නිරත වන අයුරු සාක්ෂි සහිතව අපට පෙන්වා දිය හැක.

අතිශය පිළිකුලට සහ ද්වේෂයට ලක්වූ පසුගිය පාලනය ජනතාව තුළින් පරාජයට පත්වූවත්,දැන් විවිධ ආකාරයේ රංගනයන් වල නිරත වන අයුරු අපට දිස්වේ.පසුගිය සමයේ මේ රට ගමන් ගත් සහ තවමත් අවසන්ව නැති කටුක අත්දැකීම් ඉතාම ලේසියෙන් අමතක කරමින් ගමන් ගන්නා අනාථයන්ගේ මෙම වෑයම හෙළිදරව් කර ගැනිමට “අපේ රට” වෙබ් අඩවියට හැකිවුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරවමින් කුමන්ත්‍රනකාරී වැඩපිළිවෙලක නිරතවන මොවුන් රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්නයෙන්ම අඩාල කරවීම තුළින් ආණ්ඩුව වෙත ජනතා අප්‍රසාදය ඇතිකරවීමේ සූක්ෂම වැඩපිළිවෙලක් මේ තුළින් ඇති කර තිබෙනවා.

දිස්ත්‍රික්ක මට්ටමින් උග්‍ර මහින්දවාදීන්ගේ නිවෙස් තුළට රැස්වී මෙම පොත බෙදා හරිමින් රාජ්‍ය පාලනය අවුල් කිරීමට මොවුන් උත්සහ ගන්නා බවයි අපට හෙළිවූයේ,මෙහි ගම්පහ දිස්ත්‍රික්කය තුළ මෙහෙයවීමට බස්නාහිර පළාත් ප්‍රධාන ඇමති ප්‍රසන්න රණතුංග භාරගෙන ඇති අතර ඔහු මෙහෙයවීමට යන වැඩපිලිවෙල පහත දැක්වෙනවා.

ඒ සඳහා පළමු සකාච්ඡාව පසුගියදා එජාපයෙන් පැමිණ ශ්‍රීලනිය කැඩීමේ මෙහෙයුමක සිටින උග්‍ර මහින්දවාදියෙක් වන හිටපු ඇමති කෙනෙකුගේ ප්‍රධානත්වයෙන් බොරලැස්ගමුවේ නාගරික මන්ත්‍රීවරයෙකුගේ නිවෙසකදී පැවති බවත් අප වෙබ් අඩවිය ඉතා වගකීමෙන් වාර්තා කරන්නෙමු.

මෙහි වැඩි විස්තර ඉදිරියේදී අප වඩාත් කරුණු සහිතව සඳහන් කිරීමට සූදානම්..!

Page 1Page-2Page 3Page 4page 5Page-6

2 thoughts on “බලය නැතිව පිස්සු වැටුණු මහින්දගේ අලුත්ම මෙහෙයුම – සාක්ෂි සමගින් මෙන්න”
  1. ඉතිං බොල මේකෙ තියෙන ඔක්කොම ඇත්තනේ..
    කාටවත් බොරු කියන්න කියලා නෑනේ. මේකෙ තියෙන ඔක්කොම ඇත්තටම වෙන දේවල් තමයි…

  2. thannawa sokayata mulai .thanwa paliganimata mulai . gilihunu rajasapa gana dukai .uthsahaya podu janatha sewayada? papuwata thattu karala balanna.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *