• Sat. Jan 28th, 2023

අලුතින් පළාත් පාලන මන්ත්‍රීවරු 595ක් වැඩිවෙයි

ministers pro

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පතට අනුව සීමා තීරණය කිරිමේ දී පළාත් පාලන සභිකයන් සංඛ්‍යාව 595 දෙනකුගෙන් ඉහළදැමීමට සිදුව ඇතැයි පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණ කමිටුවේ වාර්තාව දැක්වෙන බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

2012 අංක 22 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත මගින් පළාත් පාලන මැතිවරණය සඳහා කොට්ඨාශ ක්‍රමය හා සමානුපාතික ක්‍රමය මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදෙන ලදී.

සීමා නිර්ණ කමිටුවේ වාර්තා අනුව නව ක්‍රමය අනුව පළාත් පාලන කොට්ඨාශ 4819ක් සඳහා තේරීපත්වන මුළු සභිකයන් සංඛ්‍යාව 5081කි. කේවල කොට්ඨාශ 4573 ක් සභික සංඛ්‍යාව දෙදෙනෙකුගෙන් යුතු වූ බහු සභික කොට්ඨාශ 241ක් සහ සභික සංඛ්‍යාව තුන්දෙනෙකුගෙන් සමන්විත බහු සභික කොට්ඨාශ 9ක් ද මේ කමිටුව නිර්දේශ කර තිබේ. පෙර පැවති ක්‍රමය අනුව තෝරාපත් කර ගත් සභිකයන් සංඛ්‍යාව 4481ක් බැවින් එම සංඛ්‍යාව ඉදිරියේ දී 595කින් ඉහළ ගොස් ඇති බවත් සඳහන්..

රාජ්‍ය පරිපාලන, පළාත් පාලන සහ ප්‍රජාතන්ත්‍රීය අමාත්‍යාංශය පවසන්නේ මේ කමිටුව සඳහා මහජන නියෝජිතයන්ගෙන් යෝජනා 122ක් ලැබී තිබූ අතර ඉන් යෝජනා 56ට පළාත් පාලන ආයතනවල කොට්ඨාශ සීමා නිර්ණය කටයුතු සඳහා ජාතික කමිටුවේ අනුමැතිය ලැබුණු බවයි.

ඒ අනුව මෙම වාර්තාවට අනුව කේවල කොට්ඨාශ 4573 ක් සභික සංඛ්‍යාව දෙදෙනෙකුගෙන් යුතු වූ බහු සභික කොට්ඨාශ 241ක් සහ සභික සංඛ්‍යාව තුන්දෙනෙකුගෙන් සමන්විත බහු සභික කොට්ඨාශ 9ක් ද නිර්දේශ කර ඇත.

 

sima maimබස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13 ක් සදහා නව සීමා නිර්ණයට අනුව සමස්ත සභිකයින් 329 ක් තේරී පත්වීමට නියමිතය. ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 සඳහා තෝරා ගැනෙන සභික සංඛ්‍යාව 417 ක්. කළුතර දිස්ත්‍රික්කය සදහා මන්ත්‍රීවරුන් 277 ක් පත්වීමට නියමිතය.

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 22 සදහා නිර්දේශිත සභික සංඛ්‍යාව 377කි. මාතලේ දිස්ත්‍රික්කයේ නව කොට්ඨාශ බෙදීමට අනුව සභිකයින් 168 දෙනෙකු තෝරා ගැනෙන අතර නුවරඑළිය දිස්ත්‍රික්කයට සභිකයින් 186ක් තේරී පත්වීමට නියමිතය. දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයට සභිකයින් 272ක්, මාතර දිස්ත්‍රික්කයට සභිකයින් 220ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයට සභිකයින් 160ක් නව සීමා නිර්ණය කමිටුවේ වාර්තාවට අනුව තේරී පත්වේ.

උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයට පළාත් පාලන සභිකයින් 237ක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයට සභිකයින් 40ක්, මන්නාරමට සභිකයන් 46ක්, වව්නියාවට සභිකයින් 63ක් සහ මුලිතිව් දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 4 සදහා සභිකයින් 41 දෙනෙකු නව කමිටුවේ වාර්තාවට අනුව තේරී පත් වේ.

නැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත්‍රික්කය සදහා තෝරා ගැනීමට නියමිත සභික සංඛ්‍යාව 146කි. පළාත් පාලන ආයතන 20කින් සමන්විත අම්පාර දිස්ත්‍රික්කයට තේරී පත්වන මුළු මන්ත්‍රී සංඛ්‍යාව 221කි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13 සදහා සභිකයින් 136ක් නව ක්‍රමය යටතේ යෝජනා වී තිබේ.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 21 සදහා සභිකයින් 564ක් තෝරා ගැනීමට නියමිත අතර, පුත්තලම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 සදහා තේරී පත්වන මන්ත්‍රී සංඛ්‍යාව 186කි. උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 සදහා සභිකයින් 222ක් තෝරා පත් කර ගැනීමට නියමිතය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 7 සදහා තෝරා පත් කර ගැනීමට නියමිත සභික සංඛ්‍යාව 92කි. ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රීවරුන් 360 ක් සහ මොණරාගල දිස්ත්‍රික්කයට මන්ත්‍රීවරුන් 121 ක් නව ක‍්‍රමය යටතේ තෝරා ගැනීමට නියමිතය.

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17 සඳහා මන්ත්‍රීවරුන් 234 ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 09 සඳහා සභිකයින් 216 ක් තෝරා ගැනීමට නියමිතය.

One thought on “අලුතින් පළාත් පාලන මන්ත්‍රීවරු 595ක් වැඩිවෙයි”
  1. No words to say…UNBEARABLY HIGH!!!
    Why the “YAHAPALANAYA” don’t understand that this is RIDICULOUSLY UNFAIR to the masses who have to sacrifice to maintaining of all those MEMBERS IN ALL THE NOOK & CORNERS??? God Sake!!! God Help Sri Lanka!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *