පක්ෂ නායකත්වයට පිටුපා කටයුතු කරන සියලුම ශ්‍රීලනිප දිස්ත්‍රීක් ප්‍රධානින් වහාම ඉවත්කර, ඉදිරි මහ මැතිවරණයේ දී බණ්ඩාරනායක ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන අලුත් පිරිසකට නාමයෝජනා ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ අනුව, වංචා දුෂණ හෝ වෙනත් අපකීර්තිමත් චෝදනා නොමැති නීති, වෛද්‍ය, ගණකාධිකරණ, ව්‍යාපාරික, ජනමාධ්‍ය, ක්‍රීඩා, කලා ඇතුළු විද්වත් ක්ෂේත්‍ර නියෝජනය කරන උගත් කාර්යශුර තරුණයින් හට ශ්‍රී.ල.නි.ප.යෙන් නාමයෝජනා ලබාදීමට තීරණය කර තිබේ.
ජනාධිපතිවරයා, ශ්‍රී.ල.නි.ප.යෙන් නාමයෝජනා බලාපොරොත්තුව සිටින විද්වත් පුද්ගලයින් 60කට වැඩි පිරිසක් පෞද්ගලිකව වරින්වර හමුවී සාකච්ජා පවත්වා ඇතැයි වාර්ථාවන අතර, ඒ අනුව හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ මුනුබුරකු වන ප්‍රදීප් ජයවර්ධනට ද අමාත්‍යංශ වල ඉහල නිල දරන නිලධාරීන් කිහිපදෙනෙකුද , සරසවි ආචාර්යවරුන් කිහිප දෙනෙකුද, කලාකරුවන් පිරිසක්ද මෙලෙස එළැඹෙන මහ මැතිවරණයේදී නාමයෝජනා ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
This is a great idea. Anyone with a tainted record should be denied nominations from SLFP. Let Ranil nominate rogues like Ravi. All the corrupt politicians can flock around MR.