ශ්‍රී ලංකාවෙ මෙතෙක් බිහිවූ ඉතා යහපත්ම ජනාධිපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහුගේ වටේ සිටින කාලකන්නි පිරිස විසින් විනාශ කර දමනු ඇතැයි තමන්ට විශාල බියක් දැනෙන බව ප්‍රවීණ දේශක හා එජාප රත්මලාන ආසන සංවිධායක උපුල් ශාන්ත සන්නස්ගල මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ බී.බී.සී. සංදේශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
“එක් කෙනෙක් කිව්වනේ අප්පච්චි මළා කියලා, ඒ ගොල්ල දැන ගන්න ඕන පුතාලාත් මළා කියලා. මේ පාර්ලිමේන්තුව විසුරුවන්න ඕන. විසුරුවන්නේ නැත්නම් එතැන පෞද්ගලික න්‍යාය පත්‍රයක් තියෙනවා.මේ වෙලාවේ කවුරුන් හෝ කියනවා නම් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවන්න එපා මේක තව ඇද ගෙන යන්න කියලා ඒක වැරදියි. වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕන. මම හිතනවා ජනාධිපතිතුමාට මේක වැටහෙනවා කියලා” හෙතෙම සඳහන් කළේය.
පසුගිය ජනවාරි අට වෙනි දින පරාජය කළේ මහින්ද රාජපක්ෂ නොව ඔහුගේ දේශපාලන සංස්කෘතිය බවත් අරාජික මට්ටමක ඇති වත්මන් පාර්ලිමේන්තුව තවත් ඉදිරියට රැගෙන යාම නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ එම දේශපාලන සංස්කෘතිය තවමත් පරාජය කළ නොහැකි වී ඇති බවත් උපුල් ශාන්ත සන්නස්ගල මහතා වැඩිදුරටත් පැවසී ය.