• Thu. Feb 2nd, 2023

මෛත්‍රී – මහින්ද එක් කිරීම නිෂ්ඵල වැඩක්

mns & mr not

හිටපු ජනාධිපතිතුමාට සහ වත්මන් ජනාධිපතිතුමාට එක මේසයක හෝ එක වේදිකාවක හෝ සිටීමට හැකිදැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රශ්න කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල කාර්යාලයේ පැවැති පැවැති උත්සවයකදී ඔහු මේ බව පවසා ඇත. එසේම ඔවුන් දෙදෙනා එක් කිරීම නිශ්ඵල දෙයක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවට වාර්තාවේ.

“අපි දැක්කා පසුගියකාලේ මැති ඇමතිවරු උත්සහ ගන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමයි එකතු කරන්න. මම දන්නේ නෑ ඒ දෙන්නට එක වේදිකාවක, එක මේසයක ඉන්න පුළුවන්ද කියලා. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා දිහා බැලුවොත් පහුගියකාලේ එතුමා කළේ ජාතිවාදය අවුස්සපු එක. දැනුත් කරන්නේ පන්සල්වලට ගිහිල්ලා දේශපාලනය කරන එක.

නමුත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පහුගිය කාලේ විතරක් නෙවෙයි දැනුත් කරන්නේ මේ රටේ සියලුම ජාතීන් එකතු කරගෙන ඒකීය රටක් බවට මේ රට ඉස්සරහට ගෙන යාම. ඒවගේම පසුගිය කාලේ සංවර්ධනය ගැන කථා කළා. අපි කියන්නේ නැහැ සංවර්ධනය නොවුණාම කියලා. නමුත් සංවර්ධනය හරහා සිද්ද වුණු හොරකම තමයි අපිට උහුලන්න බැරිවෙලා තියෙන්නේ. පාරවල් හදනකොට එක්කෝ මැති ඇමතිවරු හොරකම් කරනවා. නැතිනම් ගමේ පාර හදනකොට ප්‍රාදේශීය සභාවල ඉන්න සභාපතිවරු හොරකම් කරනවා.

එතැනදි ඔවුන් මූල්‍යමය අතින් ශක්තිමත් වුණා. නමුත් සංවර්ධනය මහජනතාවට ගියේ නැහැ. එතැනදි තමයි වෙනසක් අපට අවශ්‍ය වුණේ. ඒනිසා තමයි අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රටට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. අනෙක් පැත්තෙන් හිටපු ජනාධිපතිතුමා කළේ තමන්ගේ බලතල වැඩි කර ගැනීම. ඒ නිසා මේ රටේ මහජනතාව එතුමාව ප්‍රතික්ෂේප කළා. නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා 19 වැනි සංශෝධනය ගෙනෙල්ලා තමන්ගේ බලතල පාර්ලිමේන්තුවට ලබා දුන්නා. දැන් 20 ගේන්න හුඟාක් මහන්සි වෙනවා. නමුත් තුනෙන් දෙකේ බලයක් තිබුණ මහින්ද රාජපක්ෂ මහත්තයට කවදාවත් ඕන වුණේ නෑ මේ පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් කරන්නත්, ජනාධීපති බලතල අඩු කරන්නත්.

එතුමාට අවශ්‍යතාවක් තිබුණා නම් 2010 දී ඉතාමත් පහසුවෙන් ඒක කරන්න තිබුණා. 2014 දී මැතිවරණයට පෙරත් කරන්න තිබුණා. ඉතිං ඒනිසා මම දන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයාටයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටයි එකතුවෙන්න පුළුවන් වෙයි කියලා” යනුවෙන්ද එහිදී අර්ජුන රණතුංග අමාත්‍යතුමා පවසා ඇති බවට වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *