තීරු බදු රහිතව මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමේ හැකියාවද නුදුරේදීම ලබා ගැනීමට කටයුතු කරන බවත් යුරෝපයට මත්ස්‍ය නිෂ්පාදන අපනයන කිරීම සඳහා පනවා ඇති තහනම මේ වසර අවසන් වීමට පෙර ඉවත් කර ගැනීමට හැකිවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පුත්තලම – කල්පිටිය – කන්දකුලියමුනේ ප්‍රදේශයේ දී ධීවර ප්‍රජාව මුණ ගැසෙමින් අග්‍රාමාත්‍යවරයා මේ තොරතුර හෙළි කලා.
2014 වර්ෂයේ යුරෝපා සංගමය කළ ඉල්ලීම් කිසිවක් එවකට රජය සිදු නොකල නිසා රතු කාඩ්පත ලබාදුන් බවද වත්මන් ආණ්ඩුව යුරෝපා සංගමය සමඟ සිදුකළ සාකච්ඡාවලදී ලංකාව කඩකළ කරුණු 54 පිළිබද පැවසු බවද එම 57 ක්‍රියාදාම 36ක් මේවනවිට වත්මන් රජය අවසන් කළ බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව ඉදිරි සැප්තැම්බර් මාසයේදී අදාල තහනම ඉවත්කරගැනීමට හැකිවෙනු ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.