ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන කිසිවෙකුට පක්ෂය බෙදා වෙන් කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසූවේ නුවරඑළිය මහනගර සභා ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙකඩ කර වෙනත් පෙරමුණු සෑදිමට කිසිවෙකු කටයුතු කරන්නේ නම් එය නිදහස් පක්ෂයට කරන මහත් ද්‍රෝහීකමක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ඉතා දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ තමා පක්ෂය බෙදා වෙන් කිරිමට කිසිදු අවස්ථාවක කටයුතු නොකරන බවත් එසේ කිරිමට කවුරුන් හෝ උත්සහ කරන්නේ නම් ඒ කවුරුන්ද යන්න පිළිබද ළඟදීම රටට හෙළි වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
පක්ෂය කළමණාකරණය කිරිමට පිටස්තර අයට ඉඩදිය නොහැකි බවත්, පටු දේශපාලන වාසි උදෙසා පක්ෂය කඩා බිඳ දැමීමට උත්සහ කරන අයගෙන් පක්ෂය රැකගැනීමට සියළුදෙනා එක්විය යුතු බවත් ජනාධිපතිවරයා පැවසී ය.