• Fri. Jan 27th, 2023

"අපි එතැන හිටි නිසා ප‍‍්‍රජාතන්ත‍‍්‍රවාදය බේරුණා – ජනවාරි 8 කුමන්ත‍‍්‍රණය ගැන හිටපු හමුදාපති කියයි

daya rathnayakeඇත්තෙන්ම මං ඒ අවස්ථාවේ එතැන හිටියා. මං සමාජය පිළිබඳව, රට පිළිබඳව අවබෝධයක් තියෙන නිලධාරියෙක් හැටියට මම හිතනවා, මම සහ අපේ හමුදා කණ්ඩායම එතැන හිටපු එක අපේ රටට ඉතාම හොඳ දෙයක් කියලා. ඒක එහෙම කියන්න හේතුව, ඒ අවස්ථාවේ සිදුවෙච්ච සිදුවීම්වලදී අපේ දායකත්වය නිසා ඉතාමත්ම ලස්සනට, ඉතිහාසයේ කවදාවත්ම නොවූ විරූ ආකාරයට ඉතාමත්ම හොඳට මේ බල මාරුව සිද්ද වුණා. ඒක වෙන්නේ නිකං ආවාට ගියාට ඉබේ නෙවෙයි, අපි සියලූ දෙනාගේම ක්‍රියාකාරිත්වය නිසා කියලා මම විශ්වාස කරනවා.

අපේ හමුදාව කොච්චර වෘත්තීය උසස් මට්ටමේ හමුදාවක්ද, සදාචාර සම්පන්න හමුදාවක්ද කියන දෙයයි මම ඔබට විස්තර කළේ. ඒ වගේම අපේ හමුදාව තරම් ප‍‍්‍රජාතන්ත‍‍්‍රවාදය මේ රටේ ආරක්‍ෂා කරගන්ට කැපකිරීම් කරපු වෙන කිසිම සංවිධානයක් නැහැ.

1963 කුමන්ත‍‍්‍රණයක් සිද්ද වෙන්න යනවා. එය වළක්වා ගන්නෙත් හමුදාව. පහුගිය අවුරුදු තිහක කාලයේත් ජීවිත දානයෙන් කාය දානයෙන් ප‍‍්‍රජාතන්ත‍‍්‍රවාදය ආරක්‍ෂා කරගන්නේත් හමුදාවයි. කිසිම විදියකින් අබමල් රේණුවකවත් ප‍‍්‍රශ්නයක් ඇතිවුණේ නැහැ. ඒවා නිකං අහම්බෙන් ඉබේ සිදුවෙන්නේ නැහැ. ඒ වෙලාවේ ආරක්‍ෂක ලේකම්තුමා හිටියා.. ආරක්‍ෂක මණ්ඩලයේ සියලූම දෙනා හිටියා. රටේ දේශපාලන මාරුවක් සිදුවෙනවා, එතකොට රටේ අස්ථාවරභාවයක්, ප‍‍්‍රශ්න ඇතිවෙන්න පුළුවන්..

ඒ වගේ වෙලාවට වැඩකරන්න ආරක්‍ෂක මණ්ඩලය එතැන හිටීම හොඳ දෙයක්ත්‍ව ත‍‍්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති හිටියා. දිනපු අය ඇවිත් අරලියගහ මන්දිරය වටකරයි කියලා අදහසක් ඒ අයගේ තිබුණා. රටේ සාමකාමී වාතාවරණයක් තියෙන බව බුද්ධි අංශ හරහා දැනගෙන ඒ සියලූ දෙනා දැනුවත් කළේ මම. අපි ජනාධිපති ලේකම්තුමාට කිව්වා මේ වෙලාවේ හොඳම දේ තමා මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරන්න ඉන්න ජනාධි පතිතුමා ජනතා මතයට හිස නමලා බලය භාරදීමට සූදානම් වෙනවා කියලා.

ඒක සිදුවුණා. මේ තුළින් තිබුණු බැරෑරුම් තත්ත්වය අඩුවුණා. කාට වුණත් පුද්ගලයන්ට මේක බොහොම සංවේදී හැගීම්බර අවස්ථාවක්. මේ වගේ වෙලාවක තීරණ ගැනීමට තමයි අපි පුරුදු පුහුණු කරලා තියෙන්නේ. ඒ නිසා ඒ අවස්ථාවේ කිසිම දේකට ප‍‍්‍රශ්නයක් නොවී ලස්සනට සිදුවෙන අයුරින් කටයුතු කරන්නට අපට හැකියාව තිබුණා..”

මේ හිටපු හමුදාපති දයා රත්නායක පසුගිය 16 වැනිදා සිරස රූපවාහිනියේ ‘මුහුණට මුහුණ’ වැඩසටහනට එක්වෙමින්,ජනවාරි 8වැනිදා මධ්‍යම රාත‍‍්‍රියේ අරලියගහ මන්දිරය තුළ සිදුවුණා යැයි කියන කුමන්ත‍‍්‍රණය ගැන තමාගෙන් විමසූ විට දුන් පිළිතුරෙන් උපුටාගත් කොටස්ය. හිටපු හමුදාපතිවරයාගේ බැලූ බැල්මට පරෙස්සම් සහගත ලෙස පෙනෙන මේ කතාවෙන් පැහැදිලි වන්නේ කුමක්ද.? ජනවාරි 8වැනිදා රාත්‍රියේ ‘බල මාරුව’ ලස්සනට සිදුවූයේ ඔහුත් හමුදා නිලධාරිනුත්, රටේ ප‍‍්‍රජාතන්ත‍‍්‍රවාදය කෙරෙහි කැපවීමෙන් මැදිහත්ව කටයුතු කළ නිසා බවය.

“ඒක වෙන්නේ නිකං ආවාට ගියාට ඉබේ නෙවෙයි, අපි සියලූ දෙනාගේම ක්‍රියාකාරිත්වය නිසා කියලා මම විශ්වාස කරනවා. මම සහ අපේ හමුදා කණ්ඩායම එතැන හිටපු එක අපේ රටට ඉතාම හොඳ දෙයක්” යන්නෙන් පැහැදිලි වන්නේත් ඔවුන් එහි නොසිටියා නම් රටට හොඳ නොවන දෙයක් එහි සිදුවීමට ඉඩ තිබුණු බව නොවේද.?

කුමන්ත‍‍්‍රණය

එදින අරලියගහ මන්දිරයේදී සිදුවූ දේ රටම දනියි. ඡන්ද ප‍‍්‍රතිඵල මහින්ද රාජපක්‍ෂ මහතාට අවාසි සහගත වන බව තේරුම් ගෙන, ප‍‍්‍රතිඵල තවදුරටත් නිකුත්කිරීම අත්හිටුවා, රටේ ඇඳිරි නීතිය හා හදිසි නීතිය ප‍‍්‍රකාශයට පත්කොට, හිටපු ජනාධිපතිවරයාට තවදුරටත් අවුරුදු දෙකක් පාලනය ගෙන යා හැකි බවට අධිකරණය මගින් අනු මැතියක් ලබාගෙන රාජපක්‍ෂ පාලනය තවදුරටත් පවත්වාගැනීමේිකුමන් ත‍‍්‍රණයක්’ එදින එහි සිදුවිය.

එවකට අගවිනිසුරු මොහාන් පීරිස් ඒ සැලැස්මට නීතිමය අවසරය ලබාදීම සඳහා සැදී පැහැදී සිටියේය. බලය රඳවාගැනීමේ මේ වෑයමට එරෙහිව පාරට බහින මහජනතාව මර්දනය කිරීම සඳහා හමුදා ඛණ්ඩ මහපාරට කැඳවීමටද, පැය 72ක කාලයක් එලෙස හමුදාව කොළඹ මහාමාර්ගවල රඳවා තැබීමටද පූර්ව සැලසුම් සකස්කොට තිබුණි. ඒ සඳහා අවශ්‍ය හමුදා ඛණ්ඩ 8වැනිදා රාත‍‍්‍රියේ කොළඹ හා තදාසන්නව සූදානම්කොට තිබූ බවද තහවුරු විය.

එහෙත් හිටපු හමුදාපතිවරයා කියන දේ සම්පූර්ණ ඇත්තය. ඒ කුමන්ත‍‍්‍රණය ව්‍යර්ථ වූයේ හමුදාපතිවරයාත්, පොලිස් පතිවරයාත්, නීතිපතිවරයාත් ඒ ප‍‍්‍රජාතන්ත‍‍්‍ර විරෝධී සැලැස්මට ඒ අවස්ථාවේදී දැඩි විරෝධය පළකළ නිසාය. ඒ පැත්තෙන් හමුදාපති රත්නායකත් නීතිපතිවරයාත් පොලිස් පතිවරයාත්, ප‍‍්‍රජාතන්ත‍‍්‍රවාදය ගැන තමන්ගේ ඇති කැපවීමත් වෘත්තිකභාවයත් ප‍‍්‍රදර්ශනය කළෝය. ඒ ගැන ගෞරවය ඔවුන්ට හිමිවිය යුතුය.

එහෙත්, ඒ අවස්ථාව වනවිටත් හමුදාපතිවරයාගේ පාලනයෙන් තොරව, රාජපක්‍ෂ හිතවාදී උසස් හමුදා නිලධාරීන්ගේ ආඥාවෙන් කොළඹ වටකරන්නට පහසුවන සේ හමුදා ඛණ්ඩ රඳවා තිබුණු බවත් මේ පැය 72 මෙහෙයුම ගැන ඊට පෙර විවිධ සාකච්ඡුුා පැවැත්වී තිබුණු බවත් රාවය වාර්තා කළේ ඒ දිනවලමය. හිටපු හමුදාපතිවරයාගේ මේ අදහස්වලින් තවදුරටත් අරලියගහ මන්දිරයේ ජනවාරි 8 කුමන්ත‍‍්‍රණය ගැන තොරතුරු තහවුරු වනවා මිස දුර්වල වන්නේ නැත.

පසුගිය මාසයේ අවසානයේ ජනාධිපතිවරයා මාධ්‍ය ප‍‍්‍රධානීන් සමග පැවැත්වූ සාකච්ඡුාවේදී, අරලියගහ මන්දිරයේ සිදුවූ මේ කුමන්ත‍‍්‍රණය ගැන පොලිස් පරීක්‍ෂණවලට සිදුවී ඇත්තේ කුමක්දැ’යි මාධ්‍ය ප‍‍්‍රධානියෙක් ප‍‍්‍රශ්න කළේය.ිඒකට කුමන්ත‍‍්‍රණයක් කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. ඒත්, මැතිවරණ ප‍‍්‍රතිඵල අත්හිටුවලා තවදුරටත් බලය රඳවා ගැනීම ගැන සාකච්ඡුුා වක් එතැන සිදුවුණු බව පැහැදිලියි. ඒ ගැන පොලිස් පරීක්‍ෂණ වාර්තාව තව ටික දවසකින් මට ලැබේවි.’ කුමන්ත‍‍්‍රණය කියනිවචනය’ පාවිච්චිය ගැන එසේ කීවත්, එදින සිදුවූ දෙය ජනාධිපතිවරයාද තහවුරු කළේය. එනම් මැතිවරණ ප‍‍්‍රතිඵල අත්හිටුවා තවදුරටත් බලයේ සිටීමය.

එවැනි දෙයක් සිදුවූවා නම්, එය මහජන ඡන්ද බලය පැහැරගැනීමේ කුමන් ත‍‍්‍රණයක් මිස වෙන කුමක්ද? ජනාධිපතිවරයාගේ මේ අදහස, එදිනම මහින්ද රාජපක්‍ෂ පුත‍‍්‍රයන්ට අයත් සිංහ එෆ්එම් චැනලය වාර්තා කළේ,ජනවාරි 8වැනිදා කුමන්ත‍‍්‍රණයක් සිදුවූයේ නැතැයි ජනාධිපති කියයි.’ කියාය. ඒ ප‍‍්‍රවෘත්තිය කෙතරම් විකෘතියක් හා රාජපක්‍ෂපාතී එකක්ද යන්න එනයින්ම පැහැදිලි නොවේද? රටේ බොහෝ රාජපක්‍ෂවාදී විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ජනාධිපතිවරයාගේ ඒ අදහස වාර්තා කළේද ඊට සමාන අයුරකිනි.

තමන්ට බලයේ රැුඳී සිටීම සඳහා කළ හැකි ඕනෑම නීත්‍යනුකූල හෝ නීත්‍යනුකූල නොවන හෝ වැඩක් මහින්ද රාජපක්‍ෂ මහතා කරන බව ධුරයේ සිටි කාලයේද ඔහු හොඳින් ඔප්පු කර තිබේ. 18වැනි සංශෝධනය එහි මස්තක ප‍‍්‍රාප්තියයි. ජනාධිපති වරණයෙන් පසු මේ දක්වාද ඔහු කරන කියන හැමදේම මගින් පෙනෙන්නේද මේ පුද්ගලයා බලය සඳහා කෙතරම් කෑදරකමක් දක්වනවාද යන්නයි.

සැගවුණු අමුත්තා
මන්ත්‍රී, ඇමති, අගමැති, ජනාධිපති කියන දේශපාලනයේ සියලූම තනතුරු දැරූ නමුත් අවසන් නොවූ බලය පිළිබඳ අතිමහත් කෑදරකම නිසා රාජපක්‍ෂ මහතා එක් අතකින් තවදුරටත් සමාජයට විහිළු සපයමින් සිටියි. පසුගිය 12වැනිදා මාතරදී පැවැති මහින්ද සමග නැගිටීමේ රැුුළියේ වේදිකාවට ගොඩනොවැදී, කොටු පවුරේ පැත්තකින් ඇවිත් මහජනතාවට ප‍‍්‍රදර්ශනය වී විනාඩි දෙකතුනක් එහා මෙහා ඇවිද අත වනා යෑම එවැනි සදාකල් මතක හිටින විහිළුවකි. ඒ සිදුවීම දකින රාජපක්‍ෂවාදී වන සාමාන්‍ය ජනතාව පවා කියන්නේිඅනේ අපොයි ජනාධිපතිතුමෙකුට ගිය කල’ කියාය. එහෙත්, පුදුමය නම් රාජපක්‍ෂ මහතාට එය මහා වීරකමක් ලෙස හැ`ගීයෑමය. ඒ අවස්ථාවේදී ඔහු කොටුපවුර උඩ අත් ඔසොවාගෙන සිටින ඡුායාරූපයක් අහම්බෙන් මෙන් ගත් ඡුායාරූප ශිල්පියාටිවිශිෂ්ට ඡුායාරූපයක් ගත් නිසා’ මහින්ද රාජපක්‍ෂගේ ට්විටර් ගිණුමේ විශේෂ ස්තූතියක් කර තිබුණේ මේ මුලාව නිසාය.

මේ අතර පසුගිය 16වැනිදා පැවැති ශ‍‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍‍්‍රී, පළාත් සභා මන්ත‍‍්‍රී රැුස්වීමේදී මෛත‍‍්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්‍ෂ අතර සුහදතාව වර්ධනය කරගැනීමට කමිටුවක් පත්කිරීම ගැන දේශපාලන සමාජයේ අවධානය යොමුවිය. මේ රැුස්වීමේදී සැලසුම් සහගතව ආ මහින්දවාදී කණ්ඩායම් මහින්ද නැතිව දිනන්න බෑ කියන අදහස යළිත් එහිදී ඉස්මතු කොට, ඔහු මැතිවරණ ව්‍යාපාරයට කැඳවාගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස්කර ගැනීමට කමිටුවක් පත්කළ යුතුයැ’යි යෝජනා කර තිබේ. සිරිසේන ජනාධි පතිවරයා ඊට විරෝධය නොපෑ අතර එහි වාර්තාව සතියක් ඇතුළත තමාට ලබාදෙන ලෙස නියම කළ බව කියැවෙයි. එසේ නම් එවැනි සුහදතාව ඇතිකරන කමිටුවකට ඇතුළත් විය යුත්තේ පාර්ශ්ව දෙකේම නියෝජිතයන්ය. එහෙත් පුදුමයකට වාගේ මේ කමිටුවට පත්වුණේ රාජපක්‍ෂවාදීන් පිරිස පමණෙකි. අනුර ප‍‍්‍රියදර්ශන යාපා, සුසිල් පේ‍‍්‍රම්ජයන්ත, ජෝන් සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා, කුමාර වෙල්ගම හා සීබී රත්නායක ඒ හය දෙනාය. ඩිලාන් පෙරේරා පමණකි එළිපිට රාජපක්‍ෂවාදියකු ලෙස තවමත් පෙනී නොසිටින්නේ. තමන්ගේ පැත්තෙන් කිසිවකු මේ කමිටුවට ඇතුළත් කිරීමට මෛත‍‍්‍රීපාල පාර්ශ්වය උනන්දුවක් නොදැක්වූ බව දැනගන්නට තිබේ. එසේ වූයේ ඇයි? මේ කමිටුවේ අවසානය ගැන ජනාධිපති මෛත‍‍්‍රී දැනටමත් තීරණයක් ගෙන අවසන්ද?

මේ ගැන පූර්වාදර්ශයක් දී ඇත්තේද මෛත‍‍්‍රීමය. මීට පෙර පැවැති මෛත‍‍්‍රී-මහින්ද සාකච්ඡුුාවට පෙර මෛත‍‍්‍රීගේ පැත්තෙන් සාකච්ඡාවට එන්නේ අපයැ’යි තමන්ම නම් කරවාගෙන සුසිල් ප්‍රේම්ජයන්ත, අනුර ප‍‍්‍රියදර්ශන යාපා වැනි අය මහින්ද පාර්ශ්වයේ නියෝජිතයන්ද සමග රැයක් පුරා සුසිල් ප්‍රේම්ජයන්තගේ නිවසේ රැස්වී පසුදින සාකච්ඡුුාවේදී මෛත‍‍්‍රී බිත්තියට හේත්තුකරන සැලසුම් සකස් කළෝය. එහෙත්, පසුවදා මේ සැලසුම සම්පූර්ණයෙන්ම අවලංගුවූයේ සාකච්ඡුාවට තමාගේ පාර්ශ්වයෙන් උග‍‍්‍ර රාජපක්‍ෂ විරෝධීන් ටිකක් කැඳවාගෙන ඒමට මෛත‍‍්‍රී පියවර ගැනීම නිසාය. සාකච්ඡුාවට මෛත‍‍්‍රීගේ පාර්ශ්වයෙන් ආ අය දැක සහායකයන් පමණක් නොව මහින්ද රාජපක්‍ෂද අවුල්වුණු බවත් ඔවුන් ප‍‍්‍රකෘති තත්ත්වයට පත්වීමට කාලයක් ගතවූ බවත් ප‍‍්‍රසිද්ධ දෙයකි. එලෙසම, වර්තමාන කමිටුවේ වැඩපිළිවෙලද ඵල රහිත අවසානයක් වියහැකි බවට රාජපක්‍ෂවාදී පාර්ශ්වයෙන්ද දැනටමත් සැක පළවී තිබේ. විමල් වීරවංශ මහතාගේ වෙබ් අඩවිය කියන්නේ, ජනාධිපති මෛත‍‍්‍රී මේ කමිටුව හරහා තමන්ගේ බලය තහවුරු කරගැනීමේ වැඩපිළිවෙලට කාලය ගන්නා බවක් පෙනෙන්ට තිබෙන බවත්, ඒ කාලය තුළ අනුර ප‍‍්‍රියදර්ශන යාපා, සුසිල් පේ‍‍්‍රම්ජයන්ත ආදීිපැති දෙකටම එකවර සේවය කරන්නන්’ පක්‍ෂයේ දරන තනතුරුවලින් ඉවත්කොට ඔහුට හිතවත් අය දමාගැනීමේ අවස්ථාවක් තිබෙන බවත්ය. ඒ අතර එක් ප‍‍්‍රවෘත්ති වෙබ් අඩවියක් මේ කමිටුව හඳුන්වා තිබුණේ,ිශ‍‍්‍රීලනිප අතීසාරයට අමුඩ කමිටුවක්’ ලෙසය.

පක්‍ෂය කඩන මහින්ද

ජනවාරි 8වැනිදා ජයග‍‍්‍රහණයෙන් පසු ජනාධිපති මෛත‍‍්‍රී ශ‍‍්‍රීලනිප සභාපතිත්වය භාරගැනීම බරපතළ දේශපාලන වරදක් බව විචාරකයන්ගේ මතයයි. එයින්, ජාතික නායකයකු විය යුතුව තිබූ ඔහුගේ තත්ත්වය පහළට ගිය බවත්, පක්‍ෂයක් තුළ හිරකාරයකු වීමෙන් ඔහුගේ ජාතික වගකීම් දුර්වලවී යනු ඇති බවත් ඔවුන්ගේ අදහසයි. අනෙක් අතට, පක්‍ෂයේ සභාපතිත්වය මෛත‍‍්‍රීට බාරදෙන ලද්දේ මහින්ද රාජපක්‍ෂ විසිනි. ඒ තත්ත්වය මත සියල්ලන් සිතුවේ, රාජපක්‍ෂ මහතා දේශ පාලනයෙන් විශ‍‍්‍රාම ගෙන පැත්තකට වී කල් ගෙවනු ඇතිය කියාය. එහෙත් එය එසේ නොවීය.

දැන් රාජපක්‍ෂ මහතාගේ ක්‍රියාකලාපය හේතු වී ඇත්තේ ශ‍‍්‍රීලනිපය දෙකට කැඤූුමටය. අගමැති අපේක්‍ෂකත්වය ලබාගැනීම සඳහා ඔහුගේ ඇති ආසාවට සහාය දෙන, එතුළින් තමන්ගේ දේශපාලන අනාගතය ස්ථිර කරගැනීමට මාන බලන කණ්ඩායමත් ඊට හවුල්වී සිටිති. ඒ දෙකඩවීම ප‍‍්‍රකාශවීම දැනටමත් බස්නාහිර පළාත් සභාවේ මන්ත‍‍්‍රී කණ්ඩායමෙන් ඇරඹී ඇත. පසුගියදා, බස්නාහිර පළාත් සභාවේ මෛත‍‍්‍රී පාර්ශ්වයේ මන්ත‍‍්‍රී පිරිස පළමුවරට විවෘතව මාධ්‍ය සාකච්ඡුුාවක් පවත්වා තමන්ගේ ස්ථාවරය ප‍‍්‍රකාශයට පත්කළහ. එය සැලසුම්සහගත වැඩ පිළිවෙලක මුල් පියවර බව පෙනෙයි. තමන්ගේ පාර්ශ්වයේ මාධ්‍ය හමුවක්ද පවත්වා ඊට පිළිතුරු දීමට ප‍‍්‍රධාන ඇමති ප‍‍්‍රසන්න රණතුංගට සිදුවිය. මේ තත්ත්වය දුරදිග ගියවිට සිදුවන්නේ රට පුරාම මුළුමනින්ම ශ‍‍්‍රීලනිපය දෙකට කැඤූුමය. එහෙත්, එහි එකම වගඋත්තරකරුවා මහින්ද රාජපක්‍ෂ මහතා බව ඒ සමගම පැහැදිලි වෙයි. පක්‍ෂයේ සභාපතිකම මෛත‍‍්‍රීට බාරදුන් පසුව, තමන්ගේ වැඩක් බලාගෙන අනෙක් ජනාධිපතිවරුන් කළාක් මෙන් විශ‍‍්‍රාම සුවයෙන් ගෞරවනීය ලෙස ජීවිතය නොගෙවා නැවත දේශපාලන බලය ලබාගැනීමට රාජපක්‍ෂ මහතා පොරකෑමෙන් දැන් සිදුවී ඇත්තේ පක්‍ෂය දෙකඩ වීමය. එහෙත්, පක්‍ෂය දෙකඩ කරන්නේ මෛත‍‍්‍රී හා චන්ද්‍රිකා බවට මතයක් ඇතිකිරීමට රාජපක්‍ෂ පාර්ශ්වය කිසියම් දුරකට සමත්වී තිබේ. ඒ නිසා තමා අතින් පක්‍ෂය දෙකඩවීයැ’යි නරක නාමය අසාගන්නට අකමැත්තෙන් වුවමනාවටත් වඩා පක්‍ෂය කෙරෙහි ඇලීගැලී කටයුතු කරන්නට මෛත‍‍්‍රීපාල සිරිසේන මහතා පෙළැඹී සිටින බවක් පෙනෙන අතර එය ඔහුට මෙන්ම රටටද බලපාන්නේ නරක අයුරින් බව කිවයුතුය. රටට පෙනෙන පරිදි නම්, ශ‍‍්‍රීලනිපයේ බලය තමන් අතට සම්පූර්ණයෙන් ගෙන ඉදිරි මහ මැතිවරණයේදී එය ජයග‍‍්‍රහණය කරා ගෙනයෑමට මෛත‍‍්‍රීට අවකාශයක් නැත. එය හුදෙක් මෛත‍‍්‍රීගේ වරදක් නිසා සිදුවන්නක් නොව, පවතින දේශපාලන චිත‍‍්‍රයට අනුව නියතයකි. එනිසා, ඒ ගැන පසුතැවිලි අදහසකින් තවදුරටත් පක්‍ෂය තුළටම කිඳාබැසීමෙන් පලක් නොවේ. ඉන් මෛත‍‍්‍රීගේ ජාතික නායකත්වය දුර්වල වනු ඇත. මේ ඔහු පක්‍ෂ දැලෙහි පැටලීමෙන් වැළකී සිය ජාතික නායකත්වය ක්‍රියාවෙන්ම ඔප්පු කළ යුතු අවස්ථාවයි. ඉතිහාසයේ ඉඩ ඇත්තේ ජාතික නායක මෛත‍‍්‍රී කෙනකුට මිස ශ‍‍්‍රීලනිප නායක මෛත‍‍්‍රී කෙනකුට නොවේ.

 

(රාවය)

2 thoughts on “"අපි එතැන හිටි නිසා ප‍‍්‍රජාතන්ත‍‍්‍රවාදය බේරුණා – ජනවාරි 8 කුමන්ත‍‍්‍රණය ගැන හිටපු හමුදාපති කියයි”
  1. එකෙ කියන දේ තේරෙන්නති තොපි වගේ ගොන් හරක් ටිකක් එකේ කියන්නේ දිනපු අය අරලියගහ මන්දිරේ වටකරයි කියල හිතුවා ඒනිසා මාඩ්ය මගින් කියල අරලිය ගහ මන්ඩිරෙ බාර දුන්න කියල .ඒ අදහස අවේ හමුදපති තුමට කියල .එහෙම නොකලනම් වෙන්න තිබ්බ ගටුම් වලකුනෙ ඒ අය බුඩ්දියෙන් වඩ කල නිස කියල ඔකෙ කියන්නෙ ගොන් ටොඊඅනෙ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *