තමන් දේශපාලනයට පැමිණෙන බවට මාධ්‍ය වාර්තා පළ වුවද කිසිදාක දේශපාලනයට පිවිසීමට තමන්ගේ අදහසක් නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසා තිබෙනවා.ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ඇති කාර්ය බහුලත්වය නිසාම තමන්ට සිය පවුල සමඟ ගෙදර ජීවත්වීමට පවා කාලයක් නොමැති වාතාවරණයකදී දේශපාලනයේ යෙදීමට තමන්ට කිසි ලෙසකින් ඉඩක් නැති බවත් තමන් දේශපාලනයට පැමිණෙනු ඇතැයි පළ වී ඇති මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් කුමාර් සංගක්කාර පැවැසීය.
නුදුරු අනාගතයේදී දේශපාලනයට පිවිසීමේ අදහසක් තිබේ දැයි ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කළ විමසීමකට එසේ පිළිතුරු දුන් සංගක්කාර තවදුරටත් කියා සිටියේ දේශපාලනයට එන බවට මාධ්‍යවල පළවන වාර්තා කුමන පදනමක් මත නිර්මාණය වූ ඒවාදැයි තමන් නොදන්නා බවය.
කුමාර් සංගක්කාර තම 131 වැනි ටෙස්ට් තරගයට සහභාගි වෙමින් පාකිස්තානයට එරෙහිව පළමු ඉනිමේදී ලකුණු 50ක් ලබාගනිමින් තම 52 වැනි ටෙස්ට් අර්ධ ශතකයද පසුගිය බ්‍රහස්පතින්දා ගාල්ලේදී වාර්තා කෙළේය.