• Fri. Feb 3rd, 2023

හිතපු යහපාලනේ වෙලා නෑ

 

ms & rw

පසුගිය ජනපතිවරණයෙන් පසු බිහිවූ යහපාලන රජයේ වෙනසක් ඇති වී නොමැති බව කළුතර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනපතිවරයා පමණක් නොව කුඩුකාරයින්, කැසිනෝකාරයින්, හොරකම්, දූෂණ කරපු සියලු දෙනා ජනතාව ප්‍රතික්ෂේප කළ බව සහ පසුගිය කාලයේ කුඩු ගෙන්වූ අයව නැවතත් උපදේශකවරුන් ලෙස පත් කර ඒ පිරිසටම බලය ලබා දුන්නොත් නැවතත් ඒ තැනටම රට පත් වන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම යහපාලනයක් වෙනුවෙන් ජනතාව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පරදවා මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනාධිපතිවරයා ලෙස පත් කර ගත් බව අප තරයේ මතක තබා ගනිමින් කටයුතු කළ යුතු බවත් එයට පටහැනිව නැවතත් බලලෝභී ලෙස විවිධ පක්ෂ ආරක්ෂා කිරීමට කටයුතු කරනු ලැබුවොත් ඒ සියලුම දෙනා ජනතාවගේ ප්‍රක්ෂේපයට ලක්වීම කිසිසේත් නතර කළ නොහැකි බව මත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *