20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සුළු පක්ෂවලට සිදුවියහැකි අනර්ථය හේතුවෙන් තමන් සංශෝධනයට එරෙහි බව ප්රජාතන්ත්රවාදී පක්ෂ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තව දුරටත් අවධානය යොමු කල යුතු බව ප්රජාතන්ත්රවාදී පක්ෂ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කර සිටිනවා.
“ප්‍රධාන පක්ෂ දෙක පැති මාරු කරගෙන ආණ්ඩු කරයි.එතකොට සුලු පක්ෂ වලට මොකද වෙනේ..? යනුවෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මෙම අදහස් පළකර සිටියේ අද (23) කැකිරාව ප්‍රදේශයේ පැවතී ජනහමුවකට එක්වෙමින්.