• Tue. Feb 7th, 2023

සාධාරණ හා අවංක විවේචන කරන්න – ජනපති මෛත්‍රී

BySandun

Jun 23, 2015

maithri

පරිවර්ථන යුගයේ අපේක්ෂාවලට ඉඩ දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

තරුණයින් ස්වාධීනව පක්ෂ සංවිධාන ව්‍යුහය පිළිබඳ කතා කළ යුතු බවත්, විවේචන කළ යුතු බවත්, එහෙත් එම විවේචන ඉතා සාධාරණ අවංක විවේචන විය යුතු බවද හෙතෙම කියයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ විශේෂ වැඩමුළුවට එක් වෙමිනි.

එහිදී හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ සියලූදෙනා පක්ෂයේ ප්‍රතිපත්ති සමග අවංකව වැඩ කරනවා නම් පක්ෂයෙත්, සාමාජිකත්වයේත් අනාගතය සුබ වන බවයි.

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් බිහි කිරීමට නම් ගම් මට්ටමින් සියලූදෙනා දෙනා සංවිධානය කළ යුතු බව පැවැසූ ජනාධිපතිවරයා ඒ සඳහා සියලූදෙනාගේ අදහස් හා විවේචන ඉතා වැදගත් බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත බණ්ඩාර, එරික් වීරවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(අද දෙරණ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *