මේ දක්වා කිසිම අවස්ථාවක මෛත්‍රිපාල ජනපතිවරයාගෙන් මහින්ද අගමැති කරවන්නට තමන් ඉල්ලා හෝ ඒ වෙනුවෙන් ක්‍රියාකර නැති බවත් සන්ධානයට දිනන්න මහින්ද ඕනෑ මිස මහින්දට දිනන්න සන්ධානය ඕනෑ නැති බවත් විමල් වීරවංශ හා උදය ගම්මංපිල ඊයේ පැවති රැස්වීමකදී කියා තිබෙනවා.
නාරාහේන්පිට අභයාරාමයේදී පැවති රැස්වීමකදී ඔබ සියලූ දෙනා මේ දක්වා මහින්ද අගමැති කරවන්න ගත් උත්සාහයන් අසාර්ථකයි නේද.? කියා මාධ්‍යවේදියෙකු කළ විමසීමකට පිළිතුරක් ලෙස මේ දෙදෙනා මෙසේ කියා ඇත.
“මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂක ධුරයට ගෙන ඒමේ ක්‍රියාවලිය ජනාධිපතිවරයා මත යැපෙන්නේ නෑ. ඒ නිසා අපේ පක්ෂවලට එම ප්රශ්නය එතරම් වැදගත් නෑ. පෙබරවාරි 18 වැනිදා ඉඳල අපි මේ ව්‍යාපාරය ආරම්භ කළේ ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරයාට අවස්ථාවක් ලබාදෙයි කියන විශ්වාසයකින් නෙමෙයි. සන්ධානයට දිනන්න මහින්ද ඕනෑ මිස මහින්දට දිනන්න සන්ධානය ඕනෑ නෑ.මේ දක්වා කිසිම අවස්ථාවක මෛත්‍රිපාල ජනපතිවරයාගෙන් මහින්ද අගමැති කරවන්න අපි ඉල්ලල නෑ. එහෙම ඕනත් නෑ” කියාය.
මේ සමඟ හෙළිදරව්වන සුවිශේෂ කරුණ වනුයේ, ජන පදනමක් නොමැති විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැන්නවුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැන්නවුන් භාවිතා කරමින් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ගේ ආසනය රැකගැනීමට වෙරදරන දේශපාලන තත්වයක් ඇති බව දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබෙනවා.