මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දුරකථන අංක කිහිපයක් හා ඒවා භාවිතා කරමින් ඇමතුම් ලබාගත් ජංගම දුරකථන 22ක් ගැන තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේ සොයාගනු ලැබූ අදාළ අංක සහිත සිම්කාඩ් පත් ජංගම දුරකථන 22ට දමා ඇමතුම් ලබාගෙන ඇතැයි රහස් පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇති බවයි.
මෙම දුරකථන 22 දිවයිනට ගෙන්වා ඇත්තේ කවුරුන්දැයි සොයාගැනීම සඳහා රේගුවට වාර්තාවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර ඇතැයිද එම වාර්තාව තවමත් ලැබී නැතැයිද හෙතෙම පැවසීය.
එසේම අදාළ ජංගම දුරකථන වලින් ගනු ලැබූ ඇමතුම් පිළිබඳ විශ්ලේෂණ වාර්තාවක් ලබාදෙන ලෙසට විදුලි සංදේශ නියාමන කොමිසමටද අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර ඇතැයිද එම වාර්තාවද ලැබීමට නියමිතව ඇති බව ඔහු කියා සිටියේය.
ඒ අනූව අදාළ වාර්තා දෙකම ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත.
(අද දෙරණ)