හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයට තරග කිරිමෙන් සුළු ජාතින්ගේ ඡන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොලැබෙන බවත් එමගින් අන්ත පරාජයකට මුහුණ දිමට සිදු වන බවත් එස්බි දිසානායක මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදි අද (24) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ මැතිවරන සංශෝධනය සදහා මන්ත්‍රිවරුන් 255 ක් කිරීම සුදුසු බවයි.
එසේම මැතිවරණ ක්‍රමය සංශෝධනයෙන් ජාතිවාදය කුලවාදය ආගම්වාදය නැතිවන බවත්, එවැන්නක් කිරීමට පසුගිය ආණ්ඩුව යටතේ හිටපු ජනාධිපතිවරයා කිසිදු උවමනාවක් නොතිබූ බව ඒ මහතා ප්‍රකාශ කරන ලදී.