මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන පුද්ගලයින් අතරින් ප්‍රධාන වශයෙන් රජයේ ආයතන දෙකක නිලධාරීන් සම්බන්ධ බවට පසුගිය සතිය වන විට තොරතුරු වාර්තා වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.
වාණිජ මණ්ඩලයේ නිලධාරීන් හමුවී කරන ලද සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කර ඇත.
ව්‍යාපාරිකයින්ට කිසිදු බලපෑමකින් තොරව තම ව්‍යාපාරික කටයුතු නිදහසේ කරගෙන යෑමට අවශ්‍ය වටපිටාව සලසාදීම රජයේ ප්‍රතිපත්තිය බවත්, කෘෂීකාර්මික නිෂ්පාදන දෙස බැලීමේදී විශාල වශයෙන් විදේශ රටවලින් ආහාර මෙරටට ආනයනය කරන බැවින් ඉදිරි මාස දෙක තුන ඇතුළත එම ආහාර ද්‍රව්‍ය මෙරටදීම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත.