ලොවටම පිළිලයක් වූ ISIS ත්රස්තයින් විසින් අත්අඩංගුවට ගත් ප්රාණ ඇපකරුවන් වතුරේ ගිල්වා මරණයට පත්කරන වීඩියෝවක් නැවතත් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ඔවුන් මෙලෙස පුද්ගලයින් ජලයේ ගිල්වා මරන්නේ යකඩ කූඩුවක දමායි.
එමෙන්ම තවත් පිරිසක් මෝටර් රථයකට නංවා එයට ඍඡු ප්රහාරයක් එල්ලකිරීමෙන් ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝ පෙළක්ද මේ වන විට ත්රස්තයින් අන්තර්ජාලයට මුදාහරින්නට කටයුතු කර තිබෙනවා.
ලොව පුරා බොහෝ පිරිසකගෙන් මොවුන්ගේ කුරිරු ක්රියාකාරකම් පිළිබඳව දැඩි විරෝධතාවයක් එල්ල වූවත් ඔවුන් මර්දනය කිරීමට තවමත් ප්රබල රටවල්වලට හැකියාවක් ලැබී නැහැ.