ලබන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය විශිෂ්ඨ ජයක් ලබා ගත්තත් පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ එක්ව ජාතික රජයක් පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ගම්පොළ දී අද පැවැසීය.
“අපි ගිය ආණ්ඩුව වගේ බලය බදාගෙන කන්නේ නෑ එය සියලුම දෙනාටම බෙදා දී ඔවුනට වගකීම් බාර දී රට සංවර්ධනය කරා මෙහෙයවනවා.එතනදී සියලුම පාර්ශව වල අදහස් වලට ඇහුම්කන් දී රටේ මූලික අවශ්‍යතාවලට සංවේදී වෙමින් රටට සැබෑ සංවර්ධනයක් ගෙන ඒමට ඇප කැපවී ක්‍රියා කරනවා.
කුඩා තේවතු හිමියනට ආධාර දීම සඳහා ගම්පෙළ ඇත්ගාල නව වෙළඳ සංකීර්ණයේ පැවැති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.